Three Sinha Industries බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන ත්‍රිත්වයක් දිනයි

    December, 10, 2025

    මෙරට ඉදි කිරීම්, ඉංජිනේරුකරණ සහ නිෂ්පාදන ක්ෂේත්‍රවල ප්‍රමුඛයකු වන Three Sinha Industries පෞද්ගලික සමාගම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී සම්මාන තුනක් දිනා ගත්තේය. Three Sinha Industries සමාගමට කර්මාන්ත / නිෂ්පාදන අංශයේ (මහා පරිමාණ) දෙවන ස්ථානය දිනා ගැනීමට හැකි විය. කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වසරේ විශිෂ්ටම ව්‍යවසායකයා (සමස්ත ජයග්‍රාහකයා)  ලෝකඩ සම්මානය දිනා ගත්තේය. විශිෂ්ටම මූල්‍ය කාර්යසාධනයක් සහිත ව්‍යවසායකයා සඳහා වන සම්මානයද ඔහුට හිමි විය. කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ Three Sinha Industries වර්තමානයේදී මෙරට ඉදි කිරීම් සහ ඉංජිනේරු ක්ෂේත්‍රයේ විශ්වාසනීය සහ කීර්තිමත් සන්නාමයක් බවට පත් වී ඇත. නේවාසික, වාණිජ, කාර්මික යන අංශවල බහුවිධ අවශ්‍යතාවලට ගැළපෙන සේවා රැසක් Three Sinha Industries වෙතින් ගත හැකිය. Roller Doors, Shutters, Fire-Resistant Doors, Aluminium Fabrications, Sensor-Operated Doors, සහ Automatic Barriers ඒ අතර ප්‍රධාන වේ. ආරක්ෂාව, කල් පැවැත්ම, භාවිතයේ පහසුව කෙරෙහි සුවිශේෂ අවධානයක් යොමු කරමින් ඒවා නිපදවා  ඇත.

    තිරසාර බල ශක්තිය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කර ඇති එම සමාගම On Grid, Off Grid, Hybrid යන වර්ග තුනට අයත් සූර්ය බල ශක්ති පද්ධති සේවාද සපයයි. මෙරට Pre-Fabricated සහ Pre-Engineered යන ඛාණ්ඩ දෙකට අයත් වානේ ඉදි කිරීම් සේවා සපයන ප්‍රමුඛ පෙළේ සමාගමක් වන IKLO Industries එම සමාගමට අනුබද්ධ සමාගමකි. කාර්යක්ෂමතාව සහ අනුවර්තන හැකියාව ඉහළ නැංවීම සඳහා උසස් තාක්ෂණය යොදා ගන්නා එම සමාගම මහා පරිමාණ ඉදි කිරීම් කරන අතර (SLIDA) ඉදි කිරීම් කොන්ත්‍රාත්තුද භාර ගනී. කෘෂිකාර්මික ක්ෂේත්‍රයටද පිවිස ඇති එම සමාගම කෘෂිකාර්මික අවශ්‍යතාවලට ගැළැපෙන ට්‍රැක්ටර් ට්‍රේලර් මාදිලි රැසක් හඳුන්වා දී ඇත. Three Sinha Industries ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) සහ ලංකා ඉන්දීය ඛණිජ තෙල් සංස්ථාවට (IOC) අවශ්‍ය ඩීසල් ගබඩා ටැංකි සපයන සැපයුම්කරුවෙක්ද වේ. මෑතකදී ඇරැඹූ Three Sinha Glass & Aluminum පෞද්ගලික සමාගම නේවාසික සහ වාණිජ අවශ්‍යතාවලට ගැළැපෙන උසස් තත්ත්වයේ වීදුරු සහ ඇලුමිනියම් විසඳුම් රැසක් සපයයි. සියලුම වර්ගයේ Tempered Glass, Shower Cubicle, Glass Railing, Glass Roof සහ Skylight (Tempered Roof සහ Canopy) වීදුරු නිෂ්පාදන අතරින් කිහිපයකි. ඊට අමතරව Aluminum Door, Window, partition, façade, සහ curtain wall system ඇතුළු ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදන රැසක්ද එම සමාගමෙන් මිල දී ගත හැකිය.