TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

    January, 5, 2026

    TikTok, 2025 වසර තුළ ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් වැඩිම වාරයක් සෙවූ වචන පිළිබඳ පසුගියදා ප්‍රසිද්ධ කරන ලදී. TikTok හි අන්තර්ගතයන් පල කරන ජනප්‍රිය පුද්ගලයින් මෙන්ම අන්තර්ගත නිර්මාණකරුවන් මහත් බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාවක් වූ මෙය පරිශීකයින්ගේ කැමැත්ත සහ අවශ්‍යතාවද මනාව පිළිබිඹු කිරීමට සමත් විය.

    විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ සිට සුවිශේෂී හා විනෝදාස්වාද අන්තර්ගතයන් මෙන්ම මහනුවර ඇසල පෙරහැර වැනි සංස්කෘතිකාංග නැරඹීම සඳහා ශ්‍රී ලාංකේය පරිශීලකයින් 2025 වසර තුළ TikTok භාවිත කර ඇති ආකාරය පිළිබඳවද මේ තුලින් ප්‍රදර්ශනය වේ. පරිශීලකයින් හුදෙක් නැරඹීමට එහා යමින් යම් යම් දේ පිළිබඳව ගවේෂණය කිරීමට, සාකච්ඡාවන් තුලින් අදහස් දැනගැනීමට, සුවිශේෂී අවස්ථාවන් නැවත නැවත නැරඹීමට, විශේෂ ස්ථාන පිළිබඳ සොයා බැලීමට මෙන්ම ක්ෂණික අවශ්‍යතාවන්ට අදාල අන්තර්ගතයන් සොයා ගැනීමට TikTok භාවිත කර ඇති බව මේ තුලින් මනාව පැහැදිලි වේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ TikTok හි දකුණු ආසියානු කලාපයේ අන්තර්ගත මෙහෙයුම් ප්‍රධානී උමයිස් නවීඩ් මහතා සඳහන් කර සිටියේ “TikTok නැරඹීම අද වන විට ශ්‍රී ලාංකිකයින්ගේ එදිනෙදා ජීවිතයේ අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්ව තිබෙනවා. ඔවුන් වීඩියෝ නැරඹීමට පමණක් නොව එදිනෙදා තොරතුරු, නිර්දේශ සහ සන්දර්භයන් වෙනුවෙන් TikTok භාවිත කරනවා. ඒ වගේම නවතම ක්‍රීඩා අවස්ථාවන් පිළිබඳ සොයා බැලීම, සති අන්ත සංචාරයන් සැලසුම් කිරීම, අලුත් දෙයක් ඉගෙන ගැනීම හෝ යමක් මිලදී ගැනීමට පෙර ඒ පිළිබඳ තොරතුරු සොයා බැලීම වැනි එදිනෙදා බොහෝ දේ සඳහා ඔවුන් TikTok වෙත පිවිසෙනවා. මේ වසරේ වැඩිම සෙවුම් වාර ගණනක් සහිත අන්තර්ගතයන් තුලින් ශ්‍රී ලාංකිකයින් සංස්කෘතිය, ප්‍රජාව සහ එදිනෙදා පිළිතුරු සම්බන්ධව කටයුතු ආකාරය පිළිබිඹු වනවා.” යනුවෙනි.

    ශ්‍රී ලංකාවේ සෙවුම්වලින් හෙලිවන තොරතුරු

    2025 වසරේ සෙවුම්වල විශේෂත්වය වන්නේ අරමුණක් සහිතව බෙදාගත් අන්තර්ගතයන් හා සොයා ගැනීම් පිළිබඳව උනන්දුවක් දැකිය හැකි වීමයි. එහි ප්‍රමුඛ අවස්ථාවක් ලෙස මහනුවර හා තංගල්ල වැනි ස්ථානයන් පිළිබඳ අන්තර්ගතයන් තුලින් සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමට හැකි වීම සඳහන් කළ හැකිය. එමෙන්ම මහජන සංවාද, සුවිශේෂී සම්මුඛ සාකච්ඡා මෙන්ම කතාබහට ලක් වූ පොප් සංස්කෘතිය සම්බන්ධ ශ්‍රී ලංකාවේ බහුතර පරිශීලක මනාපයන්ද මේ තුලින් නිරාවරණය වේ.

    ක්‍රීඩාව, සංගීතය සහ ව්‍යාපාර පිළිබඳ වීඩියෝ වැනි දේද 2025 නැරඹුම් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර ඒ සියලු දේ පරිශීලකයින්ට ප්‍රයෝජනවත්, අමතක නොවන හා අර්ථවත් අන්තර්ගතයන් විය.

    2025 වසරේ වැඩිම සෙවුම් වාරයක් සහිත වචන මෙසේයි. මේවා අනුපිළිවෙලින් සඳහන් කර නොමැත.

    වැඩිම showbiz නිර්මාණකරුවන්

    • සබීනා යූසෆ්
    • දිනිති වල්ගමගේ
    • රසාදි
    • ශිහාන් මිහිරංග
    • රශී පබා

    වැඩිම සංගීතමය සෙවුම්

    • යොහානි
    • චාමර වීරසිංහ
    • චරිත අත්තලගේ
    • මිහිරාන්
    • රවීන් තාරුක

    වැඩිම TikTok නිර්මාණකරුවන් සෙවීම්

    • ඩිනෙල් වල්පොල
    • දසුනි සෙනෙත්මා
    • ලෝචි
    • අශේන් සේනාරත්න
    • වයිල්ඩ් කුක් බුක්

    වැඩිම සෙවූ ක්‍රීඩකයා

    • පැතුම් නිශ්ශංක
    • දුනිත් වෙල්ලාලගේ
    • දසුන් ශානක
    • ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
    • විරාට් කෝලි

    වැඩිම සෙවූ ස්ථාන

    • ගම්පොල
    • ගාලු කොටුව
    • තංගල්ල
    • මහනුවර
    • මිරිස්ස

    වැඩියෙන්ම සෙවූ රූපවාහිනී ප්‍රදර්ශන හා නාට්‍ය

    • මෝඩ තරිඳු
    • ආයු
    • බිග් බොස්
    • නීරා
    • පාට කුරුල්ලෝ

    වැඩිම සෙවූ ප්‍රවණතා/ ප්‍රවෘත්ති/ අවස්ථා

    • වටවල තේ වෙළෙඳ දැන්වීම
    • යුරේනි සමඟ පිස්සු කන්නාගේ ටී ෂර්ට් සහයෝගීතාව
    • බ්ලඩ් මූන්
    • ගෝල්ෆේස් සරුංගල් සැණකෙලිය
    • 2025 යුරෝෆෝමියුලා විවෘත ශූරතාවලියේදී යෙවාන් ඩේවිඩ් රූකී ශූරතාවය දිනා ගැනීම

    විශේෂ සෙවීම්

    • 2025 Sri Lanka World
    • 2025 Creator Search Insights
    • අනුර කුමාර දිසානායක
    • මහනුවර ඇසල පෙරහැර
    • සිරස ඩාන්සින් ස්ටාර් 2025

    වැඩිම සෙවූ ගීතය/ ගීත පටය

    • සයියාරා
    • චුට්ටක් චුට්ටක් (යුරේනි)
    • දේවදූතියක් (මිහිරාන්)
    • එහෙම බැලුවම මගේ දිහා (යසස් මැදගෙදර- නීරා චිත්‍රපට ගීතය)
    • ජෝඩු දාලා යන් (ගජිඳු ෆොන්සේකා)