TPPF සඳහා තාක්ෂණික සහාය ආසියානු සංවර්ධන බැංකුවෙන්

    July, 22, 2016

    ප්‍රවාහන ව්‍යාපෘති සඳහා සැකසීමේ යෝජිත පහසුකම (Proposed Transport Project Preparatory Facility - TPPF) සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් තාක්ෂණික සහාය ණය ලබාගැනීමට රජය තීරණය කර තිබේ.

    මේ අනුව මෙරට ප්‍රවාහන ව්‍යාපෘතීන්හි ශක්‍යතා අධ්‍යයන සිදු කිරීම, විස්තරාත්මක සැලසුම් හා ප්‍රසම්පාදන ලියවිලි සැකසීම සහ ආරම්භක අදියරේ පවතින ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආදිය සඳහා සහාය ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට යෝජිත 'ප්‍රවාහන ව්‍යාපෘති සඳහා පහසුකම් සැපයීමේ ව්‍යාපෘතිය' (TPPF) වෙනුවෙන් ඇම‍රිකානු ඩොලර් මිලියන 24.42 ක තාක්ෂණික සහාය ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවේ ආසියානු සංවර්ධන අරමුදලින් ලබා ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.