March, 16, 2022
යූනියන් බැංකුවට අනුබද්ධ සමාගමක් වන UB Finance Co Ltd. වේගවත් අනාගත දියුණුවක් වෙනුවෙන් විධිමත් සැලසුම් මාලාවක් සකස් කර ඇති බව පසුගියදා නිවේදනය කළේ ය. මෑතකදී සිය මව් සමාගම වෙතින් ලැබුණු රු. බිලියන 1.98 ක ප්‍රාග්ධන දායකත්වය සමගින් UB Finance දැන් මෙරට ඉහළම ප්‍රාග්ධන ශක්තියක් සහිත බලපත්‍රලාභී මූල්‍ය සමාගම් අතරින් එකක් බවට පත්වී තිබේ. මෙරට ජනතාවගේ අවශ්‍යතාවන්ට හොඳින් ගැළපෙන සේවාවන් රාශියක් හඳුන්වා දී ඇති UB Finance සමාගම, විශිෂ්ට පාරිභෝගික සේවාවක්ද ලබාදෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු අතරින් එකක් වන යූනියන් බැංකුවේ පිටුබලය හිමිවීම තිබීම, UB Finance හි සාර්ථක ඉදිරි ගමනට මහෝපකාරී වන ප්‍රධානතම සාධකයක් බවට පත් වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, UB Finance හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ණය හා මෙහෙයුම්) හිමාලි පෙරේරා මහත්මිය පැවසුවේ, UB Finance සමාගම සෑම විටම ගනුදෙනුකරුවන්ගේ බලාපොරොත්තු සහ සමාගමේ අනාගත ඉලක්ක වලට ගැළපෙන ආකාරයට තම අභ්‍යන්තර සම්පත් ව්‍යුහගත කරගැනීමට කටයුතු කරන බවයි. “නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගනිමින් ජනතාවට තවදුරටත් සමීප වීම සඳහා අප ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන්, අපගේ අනාගත දියුණුව සම්බන්ධයෙන් කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරාවි. අපගේ සැලසුම්ගත ක්‍රමෝපායික අලෙවිකරණ වැඩසටහන්, විශිෂ්ට පාරිභෝගික සේවාව සහ අනෙකුත් වැඩසටහන් හරහා, UB Finance කෙටිකාලීනව හා මධ්‍යකාලීනව ක්ෂේත්‍රයේ ශක්තිමත් බලවේගයක් ලෙස මතුවනු ඇතැයි අපට විශ්වාසයි. අප කරන අනෙකුත් සියලු දේ මෙන්ම අපගේ ව්‍යාප්ති හා වර්ධන ක්‍රමෝපායත්, සමස්ත ශ්‍රී ලංකාවාසීන් වෙත සුවිශේෂී ආර්ථික හා සමාජයීය වටිනාකම් ළඟා කර දීම සඳහා අප දරන උත්සාහය මත පදනම් වී තිබෙනවා.” හිමාලි පෙරේරා මහත්මිය වැඩිදුරටත් පැවසුවා ය.
UB Finance Co Ltd යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි මූල්‍ය සමාගමකි. එම සමාගම මේ වනවිට ඉතුරුම් ගිණුම්, ස්ථාවර තැන්පතු, ලීසිං, ණය සේවාවන්, උකස් සේවාවන් සහ රන් ණය සේවාවන් ඇතුළුව, පුළුල් පරාසයක පැතිරුණු මූල්‍ය සේවාවන් එකතුවක් පිරිනමයි. ICRA වෙතින් ‘[SL]BB with a Stable Outlook’ ශ්‍රේණිය හිමිකරගෙන ඇති UB Finance Co Ltd හි අරමුණ වන්නේ විශ්වාසනීයත්වය ඔස්සේ ගනුදෙනුකරුවන් සවිබල ගන්වමින්, සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේ දියුණුව උදෙසා නව අවස්ථාවන් උදාකර දීම ය.
Video Story