Uber පළමු වරට ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට හඳුන්වාදෙනු ලබයි

    December, 18, 2015

    නවතම තාක්ෂණය සහ පහසුකම් වලින් සමන්විත Uber සේවාව කොළඹ නගරයට හඳුන්වා දීම මෑතකදී සිදුවිය. මෙහිදී අන්තර්ජාලය සහ ජංගම දුරකථන මෘදුකාංග (mobile app) ඔස්සේ වාහනයක් වෙන් කරවා ගැනීමේ පහසුකම් ජනතාවට හිමිවේ. ශ්‍රී ලාංකිකයින්ගේ දැඩි ඉල්ලූමට ප්‍රතිචාර දක්වමින් uberX මගින් වායුසමනය කළ සුඛෝපභෝගී මෝටර් කාර් පහසු මිළ ගණන් වලට පදනම මත ලබාගැනීමට පහසුකම් සපයා ඇත. මේ අනුව ලෝකය පුරා රටවල් 67 ක නගර 367 ක මිලියන ගණනාවක් වූ ජනතාව ලබාගන්නාවූ ආරක්ෂාකාරී, විශ්වාසවන්ත සහ ගුණාත්මක වශයෙන් ඉහළ මට්ටමේ වූ සේවාවන් ශ්‍රී ලංකාවට ලබාදීමට Uber කටයුතු කරනු ඇත.

    පළපුරුදු රියදුරන් විසින් සපයනු ලබන තරු 5 පංතියේ සේවාව සහ Uber සේවාවන් හි අඩංගු ආරක්ෂක උපායමාර්ග තුලින් ලැඛෙන්නාවූ මානසික සහනයත් නිසා සිංගප්පූරුවේ සිට නිව්යෝර්ක් සහ හැනෝයි සිට නයිරෝබි දක්වා වූ නගර වල නේවාසිකයින් සහ සංචාරකයින් Uber සේවාවන් දැඩි කැමැත්තකින් වැළඳ ගෙන තිබේ. ඔක්තෝබර් මාසයේ මැදභාගයේදී කොළඹ නගරයට Uber සේවාව පරීක්ෂණ මට්ටමේ හඳුන්වා දුන් අවස්ථාවේදී මගී ජනතාවට මෙම සියලූ පහසුකම් තමන්ට දැරිය හැකි සාධාරණ මුදලකට ලබාගත හැකිවිණි.

    Uber හි නව නගර දියත් කරන ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන වරුන් මුන්ඩ්කුර් අදහස් දක්වමින් “ශ්‍රී ලංකාවට ඹඉැර හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව අපි මහත් සතුටට පත්වනවා. කොළඹ නගරයේ වැසියන් සහ සංචාරකයින් වැඩිවැඩියෙන් Uber මෘදුකාංග භාවිතයට ගැනීමත් පළමු වරට අපගේ රථවල ගමන් ආරම්භ කිරීමත් තුළින් මෙයට පවතින ඉල්ලූම සීඝ්‍රයෙන් වර්ධනය වන බව පෙනෙනවා. ප්‍රවාහනයේදී තාක්ෂණික නවෝත්පාදන උපයෝගී කරගැනීම මගින් නගර වඩාත් ආරක්ෂාකාරී පහසුවෙන් ප්‍රවේශවිය හැකි, තදබදයෙන් තොර, ජීවත්විමට වඩාත් උචිත පරිසරයක් බවට පත්වන බව ලෝකය පුරා ඇති අත්දැකීම් වලින් අපට තහවුරු වෙනවා. uberX හඳුන්වාදීම මගින් මෙම ප්‍රතිලාභ ලංකාවට ගෙනදීමට අපි සමත් වෙනවා. අපි Uber හඳුන්වා දෙන සෑම අවස්ථාවකදීම එය අතිමහත් සාර්ථක වූ අතර කොළඹ නගරයේද මෙම තත්වය දක්නට ලැඛෙනු ඇති බවට අපි අපේක්ෂා කරනවා”.

    ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට්කාඩි මිලියනයක් සහ ඩෙබිට්කාඩි මිලියන 11 ක් භාවිතාවන අතර සමස්ථ ජනගහනයෙන් 20% කට වැඩි ප්‍රමාණයකට ස්මාර්ට් ජංගම දුරකතන ඇති බැවින් ශ්‍රී ලංකාවේ Uber සේවාවට වඩාත් උචිත වාතාවරණයක් පවතී. අපි අපගේ ජගත් මට්ටමේ තාක්ෂණය, පළපුරුද්ද සහ යහභාවිතයන් දේශිය මෙහෙයුම් පිළිබඳ ප්‍රවීණයත්වයෙන් යුත් දේශීය කණ්ඩායමත් සමග මුසු කොට භාවිතා කරගන්නෙමු. Uber සේවාව ක්‍රියාත්මක වන නගර වලට ප්‍රතිලාභ ගණනාවක් ගෙන දෙන අතර කොළඹ නගරයටද කිසිදු වෙනස්කමකින් තොරව මෙම සියල්ල හිමිවනු ඇත.

    සමස්ථ ශ්‍රී ලාංකිකයින්ට මෙමගින් ප්‍රතිලාභ ලැබීම පිළිබඳව අපි මහත් සතුටට පත්වෙමු,
    ● මගීන්ට Uber සේවාවේ ලියාපදිංචි මගීන්ට ඔවුන්ට ඕනෑම ස්ථානයක සිට ඕනෑම අවස්්ථාවක ගුණාත්මක වශයෙන් ඉහළ ප්‍රවාහන පහසුකම් අසුරුසැනින් ලබාගැනීමට හැකිවේ. මෙහිදී කිසිදු අවස්ථාවක වාහනයක් සොයාගැනීමේ අපහසුතා ඇති නොවන අතර හෝ අතේ මුදල් තිබිම අවශ්‍ය වන්නේ නැත.
    ● රියදුරන්ට Uber උපයෝගී කරගනු ලබන්නාවූ නවීනතම මෘදුකාංග මගින් ව්‍යවසායකත්ව අවස්ථා ගණනාවක් ජනිත කරනු ඇත. අනිකුත් කිසිදු අවස්ථාවකට වඩා පහසුවෙන් ඔවුන්ට වැඩි ආදායමක් ලබාගැනීමට හැකිවනු ඇත.
    ● Uber සේවාව ලබාදෙන නගර වලට නේවාසික සහ වාණිජ කටයුතු මුල්කරගත් ප්‍රදේශවලට සීග්‍ර ආර්ථීක දියුණුවක් ලැඛෙනු ඇත. මේ අනුව කුඩා පරිමානයේ ව්‍යාපාර සඳහා රැකියා අවස්ථාවන් ජනිතවීම, වඩාත් කාර්යක්ෂම විකල්ප ප්‍රවාහන අවස්ථාවන් උදාකරලීම මගින් රථවාහන තදබදය අවමවීම, බීමතින් රිය පැදවීමේ අවස්ථාවන් අවම වීම, රියදුරන්ට තම ආදායම වැඩි කරගැනීමට අවස්ථාවක් ලැබීම සහ එමගින් ඔවුන්ගේ පවුල් වල සුභසාධනය ඉහළයාම යනාදී ප්‍රතිලාභ අත්වේ

    මෙම සියලූ අවස්ථාවන්හිදී ආරක්ෂාව, විශ්වාසවන්ත බව, පහසුව සහ සේවාවන් අවම මිළකට ලබාගත හැකිබව යන කරුණු වලට ප්‍රමුඛත්වය හිමිවන අතර මෙමගින් නාගරික ප්‍රවාහනයට විශේෂයෙන්ම කොළඹ නගරය වැනි නගර වලට නවතම විකල්ප ප්‍රවාහන අවස්ථාවක් උදාකරනු ලබයි.

    මෙම සේවාව හඳුන්වාදීම නිමිති කොටගෙන ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ඔක්තෝබර් මාසයේදී Uber පළමු ගමන් වාරය හා එක්විණි.

    Uber සේවාව ක්‍රියාත්මක වන නගර 367 කට වැඩි ගණනකින් නගර 200 ක uberX ක්‍රියාත්මක වේ. uberX ක්‍රියාත්මක වන නගරයක් වන නිව්යොර්ක්හි දත්ත වලට අනුව Uber මෘදුකාංග භාවිතය නිසා රියදුරන්ගේ ආදායම වැඩි කරගැනීමට හැකියාව ලැඛෙන අතරදී මගීන්ට සාධාරණ ගාස්තුවකට මෙම සේවාවන් ලබාගැනීමට හැකිවී තිඛෙන බව පෙනී යයි.

    ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා මෙතැන ක්ලික් කරන්න නැතිනම් https://www.uber.com/cities/colombo වෙබ් අඩවියට පිවිසෙන්න