January, 28, 2016
මේ වන විට දෙවන දිනයටත් ප්‍රංශයේ පැරිස් නුවර කුලී රථ රියැදුරන් වර්ජනයක නිරත වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටී. මීට හේතු වී ඇත්තේ Uber ජංගම දුරකතන ඇප්ස් හරහා වාහන ලබා ගැනීමට ජනතාව යොමු වී තිබීම හා ඉතා අඩු මිල ගණන්වලට ගමන් බිමන් යාමට Uber විසින් කුළී රථ සැපයීමට එරෙහිවයි.
මෙම තත්ත්වය තුළ තමන්ට සිය ජීවිකාව කරගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇතැයි ඔවුන් මැසිවිලි නගමින් සිටී. පැරීසියේ කුළී රථ රියැදුරන් මෙහිදී කියා සිටින්නේ Uber විසින් ලබා දෙන මිල ගණන් සමඟ තමන්ට තරඟ කිරීමට හැකියාවක් නොමැති බවයි.
මේ වන විට පැරීසියේ දෙවන දිනයටත් පැවැත්වෙන මෙම වර්ජනය ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන ඇති අතර ප්‍රංශ ආරක්ෂක අංශ තත්ත්වය මැඩපැවැත්වීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර ද යොදා ගෙන තිබේ.
මීට පෙර පසුගිය ජනවාරි 18 වැනිදා හංගේරියාවේ බුඩාපෙස්ට් අගනුවර ද Uber කුළී රථ සේවාවන්ට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විණි. එහිදී එරට කුළී රථ රියැදුරන් කියා සිටියේ වහාම තම රට තුළ Uber නැවැත්විය යුතු බවයි.
Uber කුළී රථ සේවාවන් ශ්‍රී ලංකාව තුළ ද නොබෝදා ආරම්භ කළ අතර මේ වන විට ජනතාව අතර ක්‍රමයෙන් එය ජනප්‍රිය වෙමින් පවතී. කිලෝමීටරයක් සඳහා රු. 30 ක් වැනි අඩු මිල ගණන්වල සිට සුවපහසු මොටර්රථ, කෙටි ගමන් සේවා සඳහා යොදා ගැනීමට ද ශ්‍රී ලංකාව තුළ අවස්ථාව උදා වී තිබේ.
අප කළ විමසීමක දී Uber කුළී රථ රියැදුරෙකු කියා සිටියේ මෙරටට පැමිණෙන බොහෝ විදේශිකයින් Uber සේවාවන් ලබා ගැනීමට උනන්දු වන බවයි.
Uber ට එරෙහිව පැරීසියේ පැවති උද්ඝෝෂණයන් හි අවස්ථා කිහිපයක් විදෙස් මාධ්‍ය හි පළ වී තිබුණේ මෙසේය.
Video Story