April, 29, 2025
Uber සමාගමේ 2024 වසරේ ශ්‍රී ලංකා ආර්ථික බලපෑම් වාර්තාවේ (2024 Sri Lanka Economic Impact Report) සඳහන් ප්‍රධාන කරුණු රැසක් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදි. මෙම වාර්තාව පිළියෙල කරන ලද්දේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති පර්යේෂණ සමාගමක් වන Public First විසිනි. මෙම වාර්තාවට අනුව Uber සහ Uber Eats විසින් පසුගිය වසරක කාලය තුළ ආර්ථික ක්‍රියාකාරකම් ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දක්වන ලද දායකත්වය රු. බිලියන 160 කට අධිකය. ශ්‍රී ලාංකිකයන්ට නම්‍යශීලී ආදායම් අවස්ථා උදාකර දෙමින් සහ සුරක්ෂිත හා සහනදායී ප්‍රවාහන පහසුකම් සලසමින්, රටේ ව්‍යාපාරවලට වැඩි පාරිභෝගිකයන් පිරිසක් සමග ගනුදෙනු කිරීම සඳහා Uber ලබාදුන් අත්වැල මෙමගින් මැනැවින් පිළිබිඹු වේ.
පසුගිය වසර කිහිපය තුළ ජනතාව ගමන් බිමන්වල යෙදෙන ආකාරය මෙන්ම ආහාරපාන හා එදිනෙදා භාණ්ඩ ඇණවුම් කරන ආකාරය පූර්ණ වෙනසකට ලක්කිරීමට Uber සමත් වී ඇත. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මිදෙමින් සිටින මෙවන් යුගයක ගමනාගමන හා ප්‍රවාහන සේවාවන් සුරක්ෂිත හා ලාභදායී කිරීම තුළින්, රටට ආර්ථික වර්ධනය ළඟා කරගැනීමට අත්වැලක් වීමට Uber සමාගමට හැකි වී තිබේ.
වාර්තාවේ සඳහන් කරුණු අතරින් ප්‍රධාන කරුණු කිහිපයක් පහත අදක්වා ඇත.
පුළුල් ආර්ථික පරාසයකට අත්වැලක් වීම
Uber මගින් ලබාදෙන සේවාවන් හුදෙක් එම සේවාව සමග එක් වී සිටින ප්‍රවාහන සේවා සපයන්නන්ට සහ ආපනශාලාවලට පමණ නොව සමස්තයක් ලෙස රටේ තවත් කාණ්ඩ රැසකට ප්රතිලාභ අත්කර දෙයි.
අවස්ථා පුළුල් කිරීම
2015 වසරේදී ශ්‍රී ලංකාව තුළ තම ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව Uber මෙරට රියදුරන්ට සහ ඩිලිවරි සේවා හවුල්කරුවන්ට තම ආදායම වැඩි කරගැනීමට අවස්ථා උදා කර දෙමින්, අභියෝගකාරී අවස්ථාවලදී පවා මෙරට පවුල්වලට මූල්‍යමය රැකවරණයක් හිමි කර දී තිබේ.
ගමනාගමනය වෙනස් කිරීම
Uber විසින් විවිධ මිල පරාසයන් යටතේ ජනතාවට සුරක්ෂිත, විශ්වාසනීය සහ සහනදායී ප්‍රවාහන විසඳුම් සපයන ලදි. මෙය ඔවුන්ට විශේෂයෙන්ම රථවාහන තදබදය සහිත ප්‍රදේශවල ගමනාගමනයෙහි යෙදීමේදී කාලය ඉතිරි කරගැනීමට උපකාරී විය.
පාරිභෝගිකයන් සහ දේශීය ව්‍යාපාර අතර සම්බන්ධතා ගොඩනැංවීම
සරල පියවර කිහිපයක් තුළින් තමන්ට අවශ්‍ය භාණ්ඩ තමන් වෙතටම ගෙන්වා ගැනීමට අවස්ථාව සලසා දෙන Uber සහ Uber Eats, මෙරට ජනතාව සහ ඔවුන් ජීවත් වන ප්‍රදේශ අතර සම්බන්ධතාව තර කරමින් සිටී.
[ආපනශාලාවලට සහ වෙළඳුන්ට රුපියල් බිලියන 3.6 ක අමතර වටිනාකමක් ලබා දීමෙන් කුඩා ව්‍යාපාර වර්ධනයට දායක විය].
ආරක්ෂාව හා පහසුව
විශේෂයෙන් තනිවම හෝ රාත්‍රී කාලයේ ගමන්බිමන්වල යෙදෙන කාටත් විශ්වාසනීය හා සුරක්ෂිත ප්‍රවාහන සේවාවන් පහසුවෙන් ලබාගැනීමට හැකි වීම අතිශයින් වැදගත්ය. ආරක්ෂාව වෙනුවෙන් සිදුකරන ආයෝජන නිසා දැනටමත් Uber සේවාවන් සම්බන්ධයෙන් කැපීපෙනෙන වෙනස්කම් නිරීක්ෂණය වෙමින් පවතී.
මෙම වාර්තාව සම්බන්ධයෙන් Uber Sri Lanka මෙරට ප්‍රධාන කළමනාකාරිනී (ගමනාගමන) කෞශල්‍යා ගුණරත්න මහත්මිය දැක්වූ අදහස්: “ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අප සතු දීර්ඝකාලීන කැපවීම මෙම වාර්තාව මගින් නැවතත් තහවුරු වනවා. දහස් ගණනක පිරිසකට නම්‍යශීලී ජීවනෝපාය මාර්ග උදාකර දීමටත්, මිලියන ගණනකට සුරක්ෂිත හා විශ්වාසනීය ප්‍රවාහන පහසුකම් සැපයීමටත්, දේශීය ව්‍යාපාරවලට මහා පරිමාණයෙන් අත්වැලක් වීමටත් හැකි වීම අපට මහත් සතුටක්. මේ ආකාරයට දිගින් දිගටම රටේ ක්‍රමානුකූලව විකාශනය වන ගමනාගමන හා ප්‍රවාහන සේවා අවස්ථා සපුරාලීමට අප සූදානම්.”
Uber Sri Lanka සමාගමේ මෙරට ප්‍රධාන කළමනාකරු (ප්‍රවාහන) වරුන් විජයවර්ධන මහතා දැක්වූ අදහස්: “ඔබට අවශ්‍ය භාණ්ඩ ඔබ වෙතටම ගෙනැවිත් භාරදීම සහ අලෙවිසැල්වලට නව පාරිභෝගිකයන් හා සම්බන්ධ වීමට අවස්ථාව උදාකර දීම ඇතුළුව, විවිධ කාණ්ඩ එකිනෙකා සමග සම්බන්ධ කරවීම සඳහා Uber Eats කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරමින් සිටිනවා. විශේෂයෙන්ම අභියෝගකාරී ආර්ථික පරිසරයකට මුහුණ දී සිටින, පවුල්වල හිමිකාරීත්වය යටතේ පවතින කුඩා පරිමාණ ව්‍යාපාරවලට අත්වැලක් වීම ඇතුළුව මේ දක්වා අපගෙන් සිදු වූ මෙහෙවර සමබන්ධයෙන් අප අතිශයින් තෘප්තිමත්.”
ශ්‍රී ලංකාව ආර්ථික පුනර්ජීවනය සහ ඩිජිටල් පරිවර්තනය කරා ගමන් කරමින් සිටින මේ මොහොතේ, රට පුරා වෙසෙන ප්‍රජාවන්ට විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා Uber අඛණ්ඩව කැප වී සිටී.
*පාරිභෝගික අතිරික්තය (Consumer Surplus): ආර්ථික සුභාසාධනයේ වැදගත්ම මිනුම්වලින් එකකි. භාණ්ඩයක් හෝ සේවාවක් ස්වේච්ඡාවෙන් අත්හැරීම සඳහා යමෙකුට ගෙවීමට සිදුවන මුදල මින් අදහස් වේ. යම් භාණ්ඩයක පාරිභෝගික අතිරික්තය බින්දුව නම්, එයින් අදහස් වන්නේ අපට එය එතරම් වැදගත් නොවන බවයි. අනෙක් අතට ඉහළ පාරිභෝගික අතිරික්තයක් සහිත භාණ්ඩ අපගේ ජීවිත තුළ වැදගත් භූමිකාවක් ඉටුකරයි.
සමීක්ෂණය සඳහා භාවිතා කළ විධික්රමය ඇතුළුව සම්පූර්ණ වාර්තාව සඳහා මෙතැනින් පිවිසෙන්න.
Video Story