June, 6, 2025
කොළඹ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ ශ්රීලංකන් ගුවන් සේවයේ UL 306 අංකය දරන ගුවන් යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊයේ (05) ඉන්දුනීසියාවේ මේදාන් (Medan) ගුවන් තොටුපළ වෙත ගොඩබැස්වීමට සිදු විය. ගුවන් යානය පරීක්ෂාකර දෝශ නිරාකරණය සඳහා අමතර කාලයක් අවශ්ය වූ බැවින්, මගීන් 93 දෙනා සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 8 දෙනා සඳහා අවශ්ය නවාතැන් පහසුකම් සලසා දෙන ලදී. මේදාන් ගුවන් තොටුපළේ දැඩි ආගමන විධිවිධාන හේතුවෙන් මගීන් නවාතැන් වෙත රැගෙන යාමේ ප්රමාදයක් ඇති වූ අතර එම ගැටලු නිරාකරණය කිරීම සඳහා අවශ්ය නියාමන අනුමැතිය ලබා ගැනීමට ශ්රීලංකන් ගුවන් සේවය කටයුතු කළේය. ඒ සඳහා සහාය වූ කොළඹ පිහිටි ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ සහ ජකර්තා හි ශ්රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට අපගේ ස්තූතිය පිරිනමන්නෙමු.
කාර්මික දෝෂයකට ලක්වූ ගුවන්යානය පරීක්ෂා කිරීම සඳහා අද (06) අලුයම අපගේ ඉංජිනේරු කණ්ඩායමක් ජකර්තා බලා පිටත් වූ අතර UL306 යානයේ සිටි මගීන් නැවත ගමනාන්ත සඳහා යොමුකිරීමට විශේෂ ගුවන් යානයක් (UL302) අද (06) දහවල් 2:24 ට කොළඹින් පිටත් විය.
මෙම අනපේක්ෂිත තාක්ෂණික ගැටලුව හේතුවෙන් මගීන්ට සිදු වූ අපහසුතාවන් පිළිබඳව අපගේ බලවත් කනගාටුව මෙසේ ප්‍රකාශ කර සිටිමු. අපගේ මගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම අපට අතිශයින් වැදගත් වන අතර, ඒ පිළිබඳව අවබෝධයෙන් යුතුව අප වෙත ලබාදෙන සහයෝගය වෙනුවෙන් ඔබ සැමට අපගේ ස්තූතිය මෙසේ පිරිනමන්නෙමු.
(මෙය ශ්‍රීලංකන් ගුවන් සේවය විසන් නිකුත් කළ නිවේදනයකි.)
Video Story