Unique Industrial Solutions ජාතික සැපැයුම් දාම විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

    February, 9, 2026

    Unique Industrial Solutions පෞද්ගලික සමාගම සැපැයුම් සහ ද්‍රව්‍ය කළමනාකරණ අධ්‍යයන ආයතනය (ISMM) සහ කර්මාන්ත අමාත්‍යංශය සංවිධානය කළ ජාතික සැපැයුම් දාම විශිෂ්ටතා සම්මාන (2025) උළෙලේදී විශිෂ්ටම සැපැයුම් දාම පුරුදු සහිත සමාගම් අතරින් ජාතික වෙළෙඳ අංශයේ දෙවන ස්ථානය දිනා ගත්තේය. කාර්මික ක්ෂේත්‍රය සඳහා පුද්ගල ආරක්ෂක උපාංග සහ ආරක්ෂාව පිළිබඳ නිර්දේශ සැපැයීම යන අංශවලට අදාළව ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය දිනා ඇති Unique Industrial Solutions ආයතනය මෙරට පළමු ISO සහතික ලත් ආරක්‍ෂක උපාංග සහ විසඳුම් සැපයුම්කරු වේ. 2016දී ආරම්භ වූ එම සමාගම පෞද්ගලික ආරක්ෂක උපාංග කට්ටල (PPE), ඉංජිනේරු ව්‍යාපෘති, Roof Lifeline Installation , ජල / අපජල ප්‍රතිකාර ඒකක හා පාරිසරික විසඳුම් සපයන සමාගමක් ලෙස විශ්වාසනීය නාමයක් දිනා ඇත.

    දිවයින පුරා පාරිභෝගිකයන් 600කට වැඩි පිරිසකට සේවා සපයන එම සමාගම ඉදි කිරීම්, නිෂ්පාදන, ඉංජිනේරු සහ සේවා ආශ්‍රිත සමාගම් රැසක පෞද්ගලික ආරක්ෂණ උපකරණ සැපයුම්කරු වේ. 3M සන්නාමය සඳහා වන බලය ලත් බෙදා හරින්නෙකු වන එම සමාගම ආරක්ෂක හිස් වැසුම්, ආරක්‍ෂිත ඇස් පළඳනා, ශ්වසන ආරක්ෂණ උපකරණ , කන් ආරක්ෂක, අත් වැසුම්, ආරක්ෂක පාවහන්, පූර්ණ ශරීර ආරක්ෂක ඇඳුම් ඇතුළු පුළුල් පරාසයක විහිදී ඇති නිෂ්පාදන සපයයි. ගෑස් හඳුනා ගැනීමේ උපාංග, Lockout–Tagout පද්ධති, හදිසි සූදානම් උපාංග, කාර්මික ටේප් සහ මැලියම්, රසායනාගාර විශ්ලේෂක උපාංග එම සමාගමේ නිෂ්පාදන අතර වේ. 3M සන්නාමයට අමතරව LifeGear, DPL, LALAN, Udyogi වැනි සන්නාම රැසකට අයත් ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූල නිෂ්පාදන සපයන Unique Industrial Solutions පාරිභෝගිකයන්ගේ ප්‍රමුඛ තෝරා ගැනීමකි. ආරක්ෂක උපදේශන සේවා, සේවා ස්ථානවල ඇති අනතුරුදායක තත්ත්ව හඳුනා ගැනීම, කාර්මික සේවකයන් සඳහා වන ආරක්ෂක පුහුණු වැඩසටහන් වැනි සේවාද එම සමාගමෙන් සපයන අතර කර්මාන්තවල පුද්ගල ආරක්ෂාව සහ පාරිසරික තිරසාරත්වය හා සම්බන්ධ ව්‍යාපෘතිද ක්‍රියාත්මක කරයි. 0777004525, sales@uniquein.lk, www.uniquein.lk ඔස්සේ  පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සේවාව හා සම්බන්ධ විය හැකිය.