United Motors, ආසන 7කින් සමන්විත නවතම MITSUBISHI DESTINATOR රථය හඳුන්වාදෙයි

    February, 16, 2026

    ශ්‍රී ලංකාවේ Mitsubishi වාහන සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන United Motors Lanka PLC, සිය නවතම Mitsubishi Destinator රථය මෙරට වෙළඳපොළට හඳුන්වා දී ඇත. වැඩි ඉඩකඩ,  උපරිම ආරක්ෂාව සහ නවීනත්වය අපේක්ෂා කරන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් වෙනුවෙන්ම මෙය නිර්මාණය කර තිබේ.

    ආසන පේළි තුනකින් යුත් මෙම ප්‍රමුඛ පෙළේ සුඛෝපභෝගී SUV රථය, රුපියල් මිලියන 24.95ක් වැනි සුවිශේෂී හඳුන්වාදීමේ මිලකට ලබා දීමට United Motors ආයතනය කටයුතු කරයි. නවීන තාක්ෂණයෙන් සන්නද්ධ Destinator රථය වෘත්තිකයන් සහ ව්‍යාපාරික අංශය සඳහා වඩාත් සුදුසු රථයක් වන අතර 163 BHP බලයක් සහ 250 Nm ක ව්‍යාවර්ථයක් (Torque) නිපදවන, ක්ෂණික ප්‍රතිචාර දක්වන 1.5-ලීටර් Turbocharged එන්ජිමකින් බලගන්වා ඇත. මෙය නවීනතම විශේෂාංග රැසකින් සමන්විත, සම්මානලාභී තාක්ෂණයන්ගෙන් බලගැන්වුණු උසස් තත්ත්වයේ SUV රථයකි.

    මෙය නාගරික ගමනාගමනයට මෙන්ම සංචාරක, විනෝද චාරිකා සඳහා ද එකසේ ගැලපෙන අයුරින් නිපදවා තිබේ. එහි ඇති Normal, Wet, Gravel, Tarmac සහ Mud යන ධාවන මාදිලි (Drive modes) පහ මගින් ශ්‍රී ලංකාවේ ඕනෑම මාර්ග තත්ත්වයකට ගැලපෙන පරිදි රථයේ ක්‍රියාකාරිත්වය උපරිම කර ගැනීමට රියදුරුට අවස්ථාව සලසා දෙයි. මීට අමතරව, ඉහළ බිම් පරතරය (High ground clearance) සහ ආසියානු කලාපයේ මාර්ගවලට ගැලපෙන පරිදි නිපදවූ ASEAN-tuned suspension පද්ධතිය නිසා ඕනෑම මාර්ගයක උපරිම විශ්වාසයකින් සහ සුවපහසුවකින් යුතුව ගමන් කළ හැකිය.

    මෙම රථයේදී ආරක්ෂාවට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. රියදුරුට සහ මගීන්ට උපරිම සුවපහසුවක් ලබා දීම සඳහාම නිර්මාණය කර ඇති මෙම රථය, ASEAN NCAP තරු 5 (5-star) ඉහළම ආරක්ෂිත ශ්‍රේණිගත කිරීමෙන් පිදුම් ලබා ඇත. මෙහි ආරක්ෂාව සඳහා SRS වායු බෑග් (Airbags) 6ක් සහ Mitsubishi සමාගමේ දියුණු ආරක්ෂක පද්ධතිය (Advance Safety Sensing suite) ඇතුළත් කර තිබේ. මෙය Blind Spot Warning (BSW), Rear Cross Traffic Alert (RCTA) වැනි නවීන අංගයන්ගෙන් සමන්විත 'Intelligent co-pilot’ තාක්ෂණයෙන් ක්‍රියා කරයි. අනතුරු වළක්වා ගැනීමට ක්‍රියාකාරීව දායක වන මෙම පද්ධතිය මගින් ඔබගේ සෑම ගමනකම සුරක්ෂිතභාවය තහවුරු කරයි.

    වැඩි ඉඩකඩක් සහිත, නවීන තාක්ෂණයෙන් සන්නද්ධ සුවපහසු අභ්‍යන්තර නිමාව, වැඩිහිටියන් හත් දෙනෙකුට එකසේ සුවපහසුව සැලසෙන පරිදි පේළි තුනක අසුන් ගැනීමේ හැකියාව මෙන්ම මෙය අතිනවීන ඩිජිටල් පාලන මැදිරියක් ද (Digital Cockpit) සහිතව  නිර්මාණය කර ඇත. එහි අඟල් 12.3ක    පුලුල් ස්පර්ශක තිරය (monolithic touchscreen)  සහ අඟල් 8ක ඩිජිටල් තොරතුරු පුවරුව රියදුරුට  පහසුවක් සලසා දෙයි. දර්ශනීය පරිදර්ශක සන්රූෆ් (Panoramic sunroof) එක, වර්ණ 64කින් වෙනස් කළ හැකි අභ්‍යන්තර ආලෝකකරණය (customizable 64-colour ambient mood lighting) සහ Yamaha Premium ස්පීකර් 8ක ශබ්ද පද්ධතිය මගින් රථය භාවිත කරන්නන්හට  සුපිරි ධාවන අත්දැකීමක් ලබාදෙයි. නම්‍යශීලී අසුන් සැකැස්ම, වැඩි  ගබඩා ඉඩකඩ සහ ස්මාර්ට් ජංගම දුරකතන ආරෝපණ හැකියාව මෙහි ප්‍රායෝගික බව මනාව විදහා දක්වයි.

    Destinator රථය වෙළඳපොළට පිවිසෙන්නේ සිය විශිෂ්ටත්වය සනාථ කරමිනි. එය ඉන්දුනීසියාවේ පැවැති කීර්තිමත් FORWOT 2025, වසරේ මෝටර් රථය ඇගයීමේදී Best of the Best යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූ අතර, Best Internal Combustion Engine යන අංශයේ ජයග්‍රහණය ද හිමිකර ගත්තේය. මෙය එම රථයේ ඇති විශිෂ්ට ඉංජිනේරු තාක්ෂණය සහ සැලසුම් නිර්මාණය මනාව තහවුරු කරන්නකි.

    “Mitsubishi Destinator යනු ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට ඉතා හොඳින් ගැලපෙන වාහනයකි," යැයි United Motors Lanka PLC හි විධායක අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී චානක යටවර මහතා පැවසීය. "එය ඉඩකඩ, තාක්ෂණය සහ උසස් ආරක්ෂාව යන අංශයන්ගේ ප්‍රබල එකතුවක් වන අතර, SUV සඳහා නව අර්ථකථනයක් ලබාදෙන රථයකි. Mitsubishi සතු විශ්වසනීයත්වය මෙන්ම, විධිමත් අලෙවියෙන් පසු සේවාව, වගකීම සහ දිවයින පුරා අමතර කොටස් ලබා ගැනීමේ හැකියාව වෙනුවෙන් අප සතු නොසැලෙන කැපවීම සමඟින් මෙම රථය පාරිභෝගිකයා වෙත පිරිනැමීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු.

    රළු පරිසරයන්ට ඔරොත්තු දීමේ හැකියාව (rugged capability), වෘත්තීමය නිමාව (professional-focused design) සහ ආකර්ෂණීය මිල මට්ටම් හේතුවෙන්, නවතම Mitsubishi Destinator රථය ශ්‍රී ලාංකීය මාර්ග ජය ගැනීමට දැන් සූදානම්ය. Destinator රථයේ අත්දැකීම සජීවීව විඳගැනීම සඳහා අදම ඔබගේ ළඟම ඇති United Motors Mitsubishi ප්‍රදර්ශනාගාරය වෙත පිවිසෙන්න. පරීක්ෂණ ධාවනයන් (Test drives) සඳහා ද දැන් අවස්ථාව ඇත. වැඩිදුර තොරතුරු සඳහා 0117 565 111, 0117 565 104 හෝ 0117 565 173 යන දුරකථන අංක ඔස්සේ United Motors ආයතනය අමතන්න.