United Petroleum ශ්‍රී ලංකාවේ සිල්ලර පෙට්‍රොලියම් වෙළෙඳපොළට පිවිසෙයි. පිරවුම්හල් 200ක් දිවයින පුරා

    February, 26, 2024

    United Petroleum Australia සමාගම පසුගිය 22 දින විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ ශ්‍රී ලංකා වෙළෙඳපොළට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සඳහා ගිවිසුහකට එළඹ තිබේ.

    පසුගිය වසර මුල දී මෙරට ඛනිජ තෙල් වෙළෙඳපොළ පෞද්ගලික අංශයට තවදුරටත් විවෘත කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගත් තීරණයට අනුව නිකුත් කරන ලද RFP මච පදනම්ව United Petroleum Australia සමාගම මේ සඳහා තෝරා ගෙන ඇත.

    මේ වන විට United Petroleum Australia සමාගමට දිවයින පුරා පවතින ඉන්ධන පිරවුම්හල් 150ක් පවරා ඇති අතර United Petroleum හිමිකාරීත්වය යටතේ නව ඉන්ධන පිරවුම්හල් 50ක් ඉදිකිරීමට ද අයිතය ලබා දී ඇත. එය ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කරන ලද United Petroleum Lanka (Pvt) Ltd සමාගම යටතේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.