March, 6, 2017
යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) සමාගමේ ප්‍රමුඛත ම සන්නාම රැසක් ප්‍රදර්ශනය කරමින් එහි නව ප්‍රදර්ශනාගාරය වත්තලදී පසුගියදා විවෘත කෙරිණි. මහානගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතා එම උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ අතර, බස්නාහිර කලාප සැලසුම් ව්‍යාපෘති අධ්‍යක්ෂ ලක්ෂ්මන් ජයසේකර මහතා සහ අමාත්‍යංශ හා ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීහු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් ද ඊට සහභාගී වූහ.
සුවිසල් භූමි භාගයක ඉදිකර ඇති මෙම නවත ම ප්‍රදර්ශනාගාරය තුළ ස්කිඩ් ස්ටියර් ලෝඩර්, බැකෝ ලෝඩර්, රෝඩ් රෝලර් ආදී ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ ඇතුළු ප්‍රමුඛ පෙළේ කැටපිලර් නිෂ්පාදන ද, කැට් බල උත්පාදන යන්ත්‍ර, ඩෙක්සියන් රැකිං පද්ධති, එෆ්එස් කර්ටිස් එයාර් කම්ප්‍රෙෂර්, බීටී ලිෆ්ට් සහ රීච් ට්‍රක් රථ හා අලුතින් හඳුන්වා දෙන ලද කැට් සූර්ය බල නිෂ්පාදන ද ප්‍රදර්ශනය කර ඇත.
"ලෝක මට්ටමේ වැඩමුළු, පුහුණු මධ්‍යස්ථාන සහ අත්දැකීම් බහුල, කැප වීමෙන් කටයුතු කරන කණ්ඩායමත් හරහා සැබෑ සේවා විශිෂ්ටත්වයක් පාරිභෝගිකයන් හට ලබා දීම වෙනුවෙන් UTE සමාගම කීර්තිමත් නාමයකට හිමිකම් කියනවා. CAT සන්නාමය සමග බැඳී පවතින විශිෂ්ට ක්‍රමෝපාය පාරිභෝගිකයන් හට පිරිනමමින් UTE සමාගම සිය විශිෂ්ටත්වය තවදුරටත් රැක ගැනීමට සමත්වී සිටිනවා" කැටපිලර් බැංගලෝර් දිස්ත්‍රික් කළමනාකාර ඊ.සී. මනෝහරන් මහතා මෙහිදී සඳහන් කළේය.
UTE සමාගම ජාතියට පිරිනමන ලෝක මට්ටමේ නිෂ්පාදන සහ ඉංජිනේරු සේවාවන් පිළිබඳ දැනුම්වත් භාවය වර්ධනය කිරීම මෙම ප්‍රදර්ශනාගාරය ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණයි.
ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ UTE සමාගම ඉටු කරන පුරෝගාමී මෙහෙවර පිළිබඳ අදහස් දක්වමින් බස්නාහිර කලාප මහා නගර ව්‍යාපෘති සැලසුම් අධ්‍යක්ෂ ලක්ෂ්මන් ජයසේකර මහතා ප්‍රකාශ කළේ විශේෂයෙන් මහා නගර සංවර්ධන ව්‍යාපෘතීන් තුළ UTE සමාගමේ ලෝක මට්ටමේ පුහුණු පහසුකම් බෙහෙවින් ප්‍රයෝජනවත් වන බවය.
ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ උළෙලේදී රැස්ව සිටි පිරිස ඇමතූ UTE සමාගමේ සභාපති ප්‍රසාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මෙය මේ වසරේ 70 වන වියට පා තබන සිය සමාගමේ තවත් එක් සුවිශේෂී ජයග්‍රහණයක් බවය. "සැබෑ ලෙස ම ලෝක මට්ටමේ ආයතනයක් බවට පත් වීම දක්වා අප යන ගමනේදී, පසුගිය වසර කිහිපය තුළ කැපී පෙනෙන වැඩිදියුණු කිරීම් රැසක් සිදු කිරීමට අප සමත් වුණා. මෙය අපගේ වත්තල පරිශ්‍රය තුළ ඉටු කළ යුතුව තිබූ යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාමාර්ග අතරින් අවසන් ක්‍රියාමාර්ගය ලෙස හඳුන්වා දිය හැකියි. පාරිභෝගිකයන් හට අසමසම සේවාවක් ලබා දීම සඳහා අප විශාල වශයෙන් ආයෝජනයන් සිදු කර තිබෙනවා. අප ලොව දැනට පවතින නවීනත ම තාක්ෂණය භාවිතා කරන බැවින් අපට අවම කාලයක් තුළ යන්ත්‍ර යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාවක් පවතිනවා. පාරිභෝගිකයන් හට බාධාවකින් තොර සේවාවක් ලබා දීම සඳහා අප අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන් අඛණ්ඩව පුහුණු කරනවා"
ව්‍යාපාරික සහ වෙළඳ ප්‍රජාවට මෙන් ම පාරිභෝගිකයන් හට ද එක ම වහලක් යටතේ ලොව ප්‍රමුඛත ම ඉංජිනේරු නිෂ්පාදන සහ සේවාවන් ලබා ගැනීමේ අවස්ථාව මෙම ප්‍රදර්ශනාගාරය තුළින් හිමි වේ.
Video Story