October, 19, 2023
කෘෂිකාර්මික ට්‍රැක්ටර් රථ එකතු කළ අගය මත බද්දෙන් (VAT) නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මහජනතාව වෙත දැනුම් දී සිටී. 2015 ජනවාරි 01 දින සිට මෙම නියමය බලපැවැත්වෙනු ඇත.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ, 2015 ජනවාරි 01 දින සිට 2015 ඔක්තෝබර් 29 දින දක්වා කාලසීමාව තුළ කෘෂිකාර්මික ට්‍රැක්ටර් රථ ආනයන කිරීමේ දී රේගු අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අත්ට්‍රැක්ටර්, අර්ධ ට්‍රේලර් සඳහා මාර්ග ට්‍රැක්ටර්, කෘෂිකාර්මික ට්‍රැක්ටර් සඳහා එකතු කළ අගය මත බදු අය කර ඇති බවයි.
කෙසේවෙතත් මේ වන විට එසේ ට්‍රැක්ටර් රථ මිල දී ගැනීමේ දී අය කරන ලද එකතු කළ අගය මත බදු වියදම දරාගත් ලියාපදිංචි හිමිකරු වෙත ප්‍රතිපූරණය කිරීම සඳහා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත.
මේ සම්බන්ධ සම්පූර්ණ නිවේදනය පහකින් දැක්වේ.
Video Story