Vegolicious වෙතින් බහු ධාන්‍ය අධි ප්‍රෝටීන් නූඩ්ල්ස්, පපඩම්, පැස්ටා හා කුකීස් රැසක්

    December, 12, 2025

    මෙරට පළමු ශාක ප්‍රෝටීන් ආහාර නිෂ්පාදකයා වන Vegolicious ධාන්‍ය වර්ග රැසකින් නිෂ්පාදනය කරන අධි ප්‍රෝටීන් සපිරි නූඩ්ල්ස්, පපඩම්, පැස්ටා සහ කුකීස් නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙමින් සිය නිෂ්පාදන පරාසය පුළුල් කර තිබේ. දේශීය ධාන්‍ය සැපැයුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන Vegolicious සිය නිෂ්පාදන සඳහා තිරිඟු පිටි වෙනුවට මුං ඇට, කඩල, රතු කව්පි, වටානා පරිප්පු, රතු පරිප්පු වැනි ධාන්‍යවලින් ගන්නා පිටි යොදා ගනී. වෙළෙඳපොළේ  ඇති බොහෝ නිෂ්පාදනවලින් ලැබෙන ප්‍රමාණයට වඩා ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් මෙම නිෂ්පාදනවල අන්තර්ගත වේ. බහු ධාන්‍ය පැස්ටා, පපඩම්, කජු හා රට කජු කුකීස්, රට ඉඳි කුකීස්, චොක්ලට් චිප් කුකීස්, කෙසෙල් ඕට්ස් කුකීස් පසු ගිය දා හඳුන්වා දුන් අධි ප්‍රෝටීන් නිෂ්පාදන අතරින් කිහිපයකි.

    අලුතෙන් හඳුන්වා දුන් නූඩ්ල්ස් පරිප්පු හා රනිල කුලයේ පැළෑටිවලින් ගන්නා අමුද්‍රව්‍යවලින් නිපදවා ඇත. එම නූඩ්ල්ස් ග්‍රෑම් 100ක ප්‍රෝටීන් ග්‍රෑම් 17.8ක් සහ තන්තු ග්‍රෑම් පහක් අන්තර්ගත වේ. තමන් ප්‍රිය කරන රසයෙන් යුතු ආහාරයක් ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් සහිතව ගත හැකි වීම පාරිභෝගිකයන්ට ලැබෙන වාසියකි. ක්‍රියාශීලි හා වඩාත් සමබර ආහාර වේලක් ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට සුදුසු නිෂ්පාදන ලෙස මේවා හැඳින්විය හැකිය. කොකෝවා සහ චොක්ලට් චිප් යොදා ගෙන නිපදවන චොක්ලට් චිප් කුකීස් ශාක ප්‍රෝටීන් මිශ්‍රණයකින් සමන්විත වේ. ඉදුණු කෙසෙල් හා ඕට්ස් සහිත කෙසෙල් ඕට්ස් කුකීස් සීනි රහිත නිෂ්පාදනයකි. තන්තු, පොටෑසියම්, මැග්නීසියම් හා ප්‍රති ඔක්සිකාරක සහිත ස්වාභාවික පැණි රසයෙන් යුතු නිෂ්පාදනයක් සොයන පාරිභෝගිකයන්ට රට ඉඳි කුකීස් හඳුන්වා දී තිබේ. දක්ෂ ආහාර විද්‍යාඥයන් සහ පර්යේෂකයන් කණ්ඩායමකින් සමන්විත Misa Foods and Beverages පෞද්ගලික සමාගම නිෂ්පාදනය කරන සෑම Vegolicious නිෂ්පාදනයක්ම දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුගත වේ. එම සමාගම නිරෝගීභාවය, තිරසාරහාවය හා ශාක පදනම් කර ගත් ආහාර රටා පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරයි.