April, 7, 2025
ඩිජිටල් ගෙවීම් පිලිබඳ ගෝලීය ප්‍රමුඛතම ආයතනය වන Visa සමාගම (NYSE: V), ශ්‍රී ලංකාවේ Visa කාඩ්පත් හිමියන්ට මෙම සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වඩාත් උත්සවශ්‍රීයෙන් සැමරීම සඳහා විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර ඇත.
Visa ඩිජිටල් ගෙවීම් සඳහා ආරක්ෂාව සහ පහසුව වඩාත් ශක්තිමත් කරන අතරම පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීම සඳහා නිරන්තරයෙන්ම කටයුතු කරනු ලැබේ.පාරිභෝගිකයින්ට අවුරුදු සමයේ මිලදී ගැනීම් සඳහා ගෙවීම් කිරීමට ඔවුන්ගේ Visa කාඩ්පත් tap කිරීමෙන් ශ්‍රී ලංකාව පුරා ප්‍රමුඛ පෙළේ වෙළඳසැල් රාශියකින් දීමනා සහ වට්ටම් (offers and discounts) ලබා ගත හැකිය.
Visa ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින සඳහා කළමනාකාරිනී වන අවන්ති කොළඹගේ මහත්මිය මේ පිලිබඳ පවසා සිටියේ “සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද අපි ඉතා ආදරයෙන් පිළිගන්නා අතර ශ්‍රී ලංකාවේ මිලියන සංඛ්‍යාත Visa කාඩ්පත් හිමියන්ට වඩාත් ප්‍රතිලාභදායක, බාධාවකින් තොරව සාප්පු සවාරි අත්දැකීම් ලබා දීමට හැකිවීම පිලිබඳ සතුටු වන බවයි. අපගේ පුළුල් වෙළඳ හවුල්කරුවන්ගේ ජාලය සහ සිල්ලර වෙළෙඳසැල් , අවන්හල් , සංචාර සහ ජීවන රටා සඳහා අදාළ උත්සව මිලදී ගැනීම් සඳහා විශිෂ්ට දීමනා ලබා දී , හොඳම වටිනාකමක් ලබා දීම අපගේ අරමුණවේ "
සිංහල සහ හින්දු අලුත් අවරුදු සමයේදී පාරිභෝගික ක්‍රියාකාරකම් සහ උත්සව වැඩිවීම නිසා පාරිභෝගිකයින් වැඩි වශයෙන් වියදම් කරන බැවින් ආහාරපාන , සංචාරක සහ ජීවන රටා වැනි කාණ්ඩවල මිලදී ගැනීම් වල වැඩිවීමක් සිදුවේ. එබැවින් Visa කාඩ්පත් හිමියන් තම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් Tap කර ගෙවීම් කිරීමේදී ඔවුන්ගේ මිලදී ගැනීම් සඳහා අමතර වටිනාකමක් ලබා දීමට VIsa විසින් ලබා දෙන දීමනා පුළුල් කර තිබේ.
පාරිභෝගිකයින් හට මෙම දීමනා ලබා ගත හැකි දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳ ආයතන වලින් කිහිපයක්
ආහාරපාන : Chinese Dragon, The Mango Tree, Skrumptious, Arabian Vibes, Mitsi’s Delicacies
සංචාරක : Qatar Airways, Agoda, Visa Luxury Hotel Collection
ජීවන රටා : Glomark, Stripes & Checks, Spring Summer, Prasad Fashion, Scope Cinemas
Visa ,පහසු, ආරක්ෂිත සහ ප්‍රතිලාභදායක ගෙවීම් අත්දැකීම් සමඟින් පාරිභෝගිකයින් හට සුවිශේෂී වටිනාකමක් ලබා දීම නොකඩවා සිදු කරනු ඇත . ඒ සමඟම, කාඩ්පත් මත පදනම් වූ ගනුදෙනු වැඩි කිරීම තුලින් වෙළඳ පරිසර පද්ධතිය තුළ ඩිජිටල් පිළිගැනීම ශක්තිමත් කරයි. මෙම මුලපිරීම ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම, මූල්‍ය ඇතුළත් කිරීම ප්‍රවර්ධනය කිරීම සහ වැඩි පාරිභෝගික සහභාගීත්වයෙන් සහ මිලදී ගැනීම් මඟින් වෙළෙඳුන් හට ප්‍රතිලාභ ලබා දීමට දායක වන අතර එය Visa හි පුළුල් මෙහෙවර සමඟ සමපාත වේ.
සියලුම ප්‍රවර්ධන දීමනා සීමිත කාලයක් සඳහා ලබා ගත හැකිය. සම්පූර්ණ නියමයන් සහ කොන්දේසි සඳහා වෙබ් අඩවිය වෙත පිවිසෙන්න https://www.visa.com.lk/en_lk/visa-offers-and-perks/
Video Story