September, 19, 2019
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි 2019 ඔක්තෝබර් මස 01 දින සිට 2020 මැයි මස 31 දින දක්වා වන මාස 08ක කාලයක් තුළ පෙට්‍රල් බැරල් 900,000ක් ආනයනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ M/s Vitol Asia Pte. Ltd., වෙත පිරිනැමීමට සහ ඩීසල් බැරල් මිලියන 1.04ක් සහ ජෙට් ඒ - 1 බැරල් මිලියන 1.28ක් ආනයනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අරාබි එමීර් රාජ්‍යයේ M/s Mena Energy DMCC වෙත පිරිනැමීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මේ අතර පුත්තලම ගල්අඟුරු බලාගාරය සඳහා ගල්අඟුරු මෙට්‍රික් ටොන් 300,000ක ප්‍රමාණයක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Swiss Singapore Overseas Enterprises Pte Ltd, 65 Chulia Street # 48-05, OCBC Centre, Singapore වෙත ප්රදානය කිරීම වෙනුවෙන් ආවරණ අනුමැතිය ලබා දීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story