August, 24, 2020
කාර්මික මෘදුකාංග ක්ෂේත්රයේ ලොව පුරෝගාමී සමාගමක් වන VMware ඉන්කෝපරේෂන් (NYSE: VMW) සමාගම, ශ්‍රී ලංකා හා මාලදිවයින් අලෙවි කළමණාකරු වශයෙන් එහි නායකත්ව කණ්ඩායම සඳහා දේවේන්ද්‍ර මැනුවෙල් මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. ස්වකීය නව කාර්යභාරය තුළ දේවේන්ද්‍ර මහතා, ආයතනවලට ඩිජිටල් සහ ජංගම උපාංග හා යෙදවුම් පරිසරයක් කරා පා නැගීම පිණිස, නවතම තාක්ෂණය වෙත ප්‍රවේශ වීමට හැකියාව සලසමින් ක්ෂේත්රයේ ප්‍රමුඛතම VMware නවෝත්පාදන කලාපයට බෙදා හැරීම අධීක්ෂණය කරනු ඇත.
වෙළඳ පාර්ශවකරුවන් කළමනාකරණය (Channel partner management) සහ ව්‍යාපාර සංවර්ධනය යන දෙඅංශයේම ශක්තිමත් නිපුණතාවක් සහිතව, වසර 19 කට වැඩි කර්මාන්ත පළපුරුද්දක් දේවේන්ද්‍ර මහතා සතු වෙයි. හවුල්කාරිත්ව සබඳතා ශක්තිමත් කිරීම පිණිස මෙන්ම, ආයතනික ව්‍යාපාර පරිසරය වේගයෙන් ඩිජිටල් වෙනසක් කරා පරිවර්තනය වෙද්දී පාරිභෝගිකයින් හට වැඩි උපාය මාර්ගික වටිනාකමක් ලබා දීම පිණිස වන දැක්මෙන් යුතුව හෙතෙම, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රධාන පෙළේ ව්‍යාපාර සංවර්ධනය කිරීමේ වගකීම උසුලයි.
දේවේන්ද්‍ර මහතා විසින් මින්පෙර VMware සමාගමේ දරනු ලැබූ කාර්යභාරය වූයේ ශ්‍රී ලංකා හා මාලදිවයිනේ වෙළඳ පාර්ශවකරුවන් කළමනාකරණය ආශ්රිත කටයුතු මෙහෙයවීමයි. වෙනස් වූ පාරිභෝගික සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට සහය වීම සඳහා ඔහු VMware සහ හවුල්කාර ව්‍යාපාරික ආයතන අතර උපායමාර්ගික සම්බන්ධතා සක්‍රීයව මෙහෙයවිය. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ තාක්ෂණික හා නවෝත්පාදන පරිසර පද්ධති බල ගැන්වීමේ VMware මෙහෙවර ශක්තිමත් කිරීම සඳහා නියම සුදුස්සකු බවට පත් කරමින්, ඊට පෙර Microsoft හා IBM මෘදුකාංග සමාගම්වල ජ්‍යෙෂ්ඨ විධායක තනතුරු ගණනාවක් ද ඔහු විසින් හොබවා තිබේ.
“විශේෂයෙන්ම, ඩිජිටල් පරිවර්තනය සමග වේගයෙන් ගමන් කිරීම ව්‍යාපාර ප්‍රතිඵල සඳහා ප්‍රධාන සාධකයක් වී තිබෙන කාලයක මෙම නව තනතුර භාර ගැනීමට ලැබීම මට ගෞරවයක්.”යනුවෙන් ඒ පිළිබඳ අදහස් දක්වමින් දේවේන්ද්‍ර මහතා පැවසීය. “ඩොලර් බිලියන 5 ක් වටිනා තොරතුරු තාක්ෂණ කර්මාන්තයක් හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ අඛණ්ඩව සිදුකරන ආයෝජන සමග, දකුණු ආසියානු කලාපයේ සහ ඉන් ඔබ්බට තාක්ෂණය දියුණු කිරීමට හා නව්‍යකරණයන්හි ප්‍රමුඛයා බවට පත්වීමට අවශ්‍ය සියලුම සම්පත් ශ්‍රී ලංකාව සතුව පවතිනවා. ව්‍යාපාර, කර්මාන්ත සහ ප්‍රජාව යන සියලු අංශයන්හි තාක්ෂණික වර්ධනයක් ඇති කිරීමට හට දායකත්වය ලබා දීමට හැකි වීම පිළිබඳ VMware ඉතාමත් සතුටට පත් වෙනවා. ”
“ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ව්‍යාපාරවලට ඩිජිටල් තාක්ෂණය සමග අවස්ථා විවර කිරීමට VMware උදව් කරන බැවින් දේවේන්ද්‍ර මහතාගේ පත් කිරීම පිළිබඳ අපි ඉතා සතුටට පත්වෙනවා. නායකත්ව කණ්ඩායමට ඔහු එක් කිරීම මගින් කලාපයේ ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා VMware හි දායකත්වය ඉහළ නැංවෙනු ඇතැයි අපට විශ්වාසයි ” යනුවෙන් VMware හි වියට්නාම් හා නැගී එන වෙළෙඳ පොළ කළමණාකරු නිතින් අහුජා මහතා පැවසීය.
වැඩි විස්තර සඳහා, https://www.vmware.com/company.html යන වෙබ් අඩවියට පිවිසිය හැකිය.
Video Story