December, 17, 2025
WealthTrust Securities Limited (WTS) විසින් අද (17) පෙරවරුවේ දී මහජනයා වෙනුවෙන් විවෘත කරන ලද මූලික මහජන කොටස් නිකුතුව සඳහා අධි දායකත්වයක් ලැබී ඇති බව එම නිකුතුවේ රෙජිස්ට්‍රාර් සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.
අද දින WealthTrust Securities Limited හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 71,548,244 ක්, එකක් රු. 7.00 බැගින් මහජනයා වෙත විවෘත කෙරුණු අතර එහිදී රු. මිලියන 500.83ක් ඉක්මවා ප්‍රමාණයකට අයදුම්පත් ලැබී ඇති බව අදාළ දැනුම් දීමේ සඳහන් වේ.
මේ අනුව පැවති අධි දායකත්වය හේතුවෙන් අද පස්වරු 4.30ට මෙම නිකුතුව වසා දැමීමට තීරණය කර ඇති බව WealthTrust Securities Limited වෙනුවෙන් නිකුතුවේ රෙජිස්ට්‍රාර් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
Video Story