January, 22, 2016
ආසියාවේ දෙවැනි පැර‚තම ටෙනිස් සංගමය වන ශ්‍රී ලංකා ටෙනිස් සංගමයට වසර 100 ක් පිරීම නිමිත්තෙන් සුවිශේෂී උත්සවයක් සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට එම සංගමය කටයුතු කළේ ය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ෙජ්ම්ස් ඩෝරිස්, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ජර්ගන් මෝහාඩ්, ආසියානු ටෙනිස් සංගමයේ සභාපති අනිල් ඛන්නා සහ එම සංගමයේ ලේකම් සුරේෂ් සුබ්‍රමනියම් යන මහත්වරු ඇතුළු විශේෂ අමුත්තෝ රැසක් සහභාගී වූහ. ඊට අමතරව වත්මන් සහ හිටපු ටෙනිස් ශ+රයන්, ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළුව මෙරට ටෙනිස් ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ තවත් විශාල පිරිසක් මීට ආරාධනා ලබා තිබිණි.
උත්සවයේදී අදහස් පළකරමින් ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සභාපති ඉක්බාල් බින් ඉසාක් මහතා පැවසුවේ මෙරට ටෙනිස් ක්‍රීඩාවේ ඉතිහාසය ඛෙහෙවින් සුභදායී බවයි. තවදුරටත් එය දියුණු කරමින් මෙරට ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා ජාත්‍යන්තර තලයට රැගෙන යාම සඳහා සහය වන මෙන් ඔහු සියලූ දෙනාගෙන් ඉල්ලීමක් කළේ ය.
“පසුගිය වසර 100 ක කාලය තුළ රටේ ටෙනිස් ක්‍රීඩාව බොහෝ දුරක් පැමිණ තිඛෙනවා. ගතවූ වසර අපට තවත් සුවිශේෂී වූ වසරක් ලෙස හඳුන්වන්නට පුළුවන්. අඛණ්ඩව පස්වැනි වරටත් වරටත් අපි ඩේවිස් කුසලානයේ දෙවැනි කාණ්ඩයේ මට්ටමට පැමිŒමට සමත් වුණා. ඒ වගේම ඩේවිස් කුසලානයේ ශ්‍රේ‚ගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව වසර 10 ක කාලයක් තුළ 95 ස්ථානයේ සිට 62 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිඛෙනවා. “
“වෘත්තීය ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීම කෙරෙහි දැන් අපේ අවධානය යොමුවිය යුතුයි. ඉහළම මට්ටමේ ජාත්‍යන්තර තරගාවලිවලට සුදුසුකම් ලැබීමේ සිහිනය සැබෑකරගැනීමට හැකිවන්නේ එසේ වෘත්තීය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමෙන් පමණයි.“
“මේ සඳහා අපට රජයේ, ව්‍යාපාරික ප්‍රජාවගේ සහ සමස්තයක් ලෙස ටෙනිස් ක්‍රීඩාවට ආදරය කරන සියලූම දෙනාගේ සහයෝගය අවශ්‍යයි. ඒ සඳහා අපත් සමග අත්වැල් බැඳගන්නා ලෙස මා ඒ සියලූම පාර්ශ්වවලින් ඉල්ලා සිටිනවා.“ ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.
මේ වනවිට මෙරට ටෙනිස් ක්‍රීඩාව තුළ ඇතිකරමින් පවතින වෙනස්කම් සම්බන්ධයෙන්ද ඒ මහතා කරුණු පැහැදිලි කළේ ය. ඒ අනුව දැනට ටෙනිස් පුහුණුකරණ වැඩසටහන මුළුමනින්ම ප්‍රතිව්‍යුහගත කෙරෙන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් සහ ක්‍රීඩා නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කෙරේ. ටෙනිස් පුහුණු කිරීමේ ආයතන සහ ශරීර සුවතා මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම කෙරෙහිත් මෙහිදී විශාල අවධානයක් යොමුවී ඇත. ජාත්‍යන්තර මට්ටමට පිවිසිය හැකි වෘත්තීය මට්ටමේ ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමට සඳහා අවශ්‍ය පදනම සැකසීම මේ සියල්ලෙහි අරමුණ වේ.
සභාපතිතුමන්ගේ කථාවෙන් අනතුරුව ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සියක් වසක ඉතිහාසය ගැන කෙටි හඳුන්වා දීමක් සිදුකෙරිණි. සංගමයේ ශත සංවත්සර ප්‍රකාශනය එළිදැක්වීම සිදුකරන ලද්දේ ඉන් අනතුරුව ය. එමෙන්ම සංගමයේ අනාගත අරමුණු සඳහා පිටිවහලක් වනු පිණිස Centenary High Performance Fund නමින් විශේෂ අරමුදලක් හඳුන්වා දීමද මෙහිදී සිදුකෙරි‚. ඊට අමතරව ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ ශත වර්ෂ පූර්ණය වෙනුවෙන් නිකුත් කරන ලද සමරු මුද්දරය සහ මුල්දින කවරයද මෙහිදී එළිදක්වන ලදි.
උත්සවයේ ආරාධිතයන්ගේ දේශනා සහ සුභ ප්‍රාර්ථනාවලින් අනතුරුව එදා මෙදාතුර රටේ ටෙනිස් ක්‍රීඩාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ පිරිසකට සම්මාන පිරිනැමීම සඳහා විශේෂ සම්මාන උළෙලක්ද පැවැත්වීම විශේෂත්වයකි. මෙහිදී ජාතික ටෙනිස් පිළේ සාමාජික සාමාජිකාවන් මෙන්ම ක්‍රීඩාවේ උන්නතියට උරදුන් තවත් බොහෝ දෙනෙක් සම්මානවලින් පිදුම් ලැබූහ.
ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩා ක්ෂේත්‍රයට විශේෂ සේවාවක් ඉටුකළ තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 14 දෙනෙකු වෙත මෙහිදී සම්මාන පිරිනැමිණි. එමෙන්ම ජාත්‍යන්තර තලයට පිවිසීමට සමත් වූ අබාධිත ටෙනිස් ක්‍රීඩකයන් දෙදෙනෙකු වන ගාමිණි දිසානායක සහ උපාලි රාජකරුණා යන ක්‍රීඩකයන් වෙතද විශේෂ සම්මාන දෙකක් පිරිනමන ලදි. දිගු කාලයක් පුරා ගිහාන් පෙරේරා මහතාගේ පවුලේ අය විසින් මෙරට ටෙනිස් ක්‍රීඩාවට දක්වන ලද විශිෂ්ට දායකත්වය මෙහිදී ඇගයීමට ලක්විය. එමෙන්ම ක්‍රීඩාවේ වර්ධනයට මහඟු මෙහෙවරක් ඉටුකළ ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ හිටපු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා සහ පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ එකම වෘත්තීය ටෙනිස් ක්‍රීඩකයා වූ සහ ඩේවිස් කුසලානයේ වැඩිම සාර්ථකත්වයක් අත්පත් කරගත් හර්ෂණ ගොඩමාන්න මහතා වෙතද මෙහිදී සම්මාන පිරිනැමි‚.
මෙම සමරු උත්සවයේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ඊට සහභාගී වූවන්ගෙන් පළවූයේ නොමඳ ප්‍රසාදයකි. මෙම උත්සවය තමන් ජාත්‍යන්තර තලයේ දුටු හොඳම උත්සව අතරින් එකක් බව ආසියානු ටෙනිස් සංගමයේ සභාපති අනිල් ඛන්නා මහතා පැවසී ය.
මේ ආකාරයට ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සිය ශතක සංවත්සර සැමරීමත් සමග ඉදිරියේදී මෙරට ටෙනිස් ක්‍රීඩාව තවතවත් ජනප්‍රිය වනු ඇතැයි දැනටමත් අනාවැකි පළවී තිබේ. මේ වනවිට ජාත්‍යන්තර සහභාගීත්වය සහිත තරගාවලි රැසක්ම ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන නිසා මෙය සංචාරක ආකර්ෂණය දිනාගැනීමටද හේතුවක් වී ඇත. ඉදිරියේදී මෙම තරගාවලි තවතවත් පුළුල් වීමට නියමිත අතර ව්‍යාපාරවලට දේශීය හා ජාත්‍යන්තර ප්‍රචාරණය ලබාගැනීම සඳහා මේවා සුවිශේෂී අවස්ථාවක් සපයනු නිසැක ය.
ඡායාරූපය - ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ ශත වර්ෂ පූර්ණය වෙනුවෙන් නිකුත් කරන ලද සමරු මුද්දරය සහ මුල්දින කවරය ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතා වෙත පිළිගන්වන ලද අවස්ථාව
Video Story