YAN Sri Lanka තරුණ ජාලය සිය පළමු සංවත්සරය සමරයි

    June, 8, 2020

    සතුටින් හා රටේ සංවර්ධනයට දායක වන ක්‍රියාශීලී තරුණ ප්‍රජාවක් බිහිකිරීම මඟින් තරුණ හඬ බලගැන්වීම දැක්ම කරගත් YAN Sri Lanka තරුණ ජාලය වසරක් තුල ඔවුන්ගේ මෙහෙය සපුරාලමින් සිය පළමු සංවත්සරය එළබෙන ජුනි 10 වනදා සමරනු ලබයි.
    2019 ජූනි 10 වන දින ආරම්භ වූ YAN Sri Lanka තරුණ ජාලය 10 වන දින පළමු උපන්දිනය සමරන අතර ඉතා කෙටි කාලයක් තුලදී ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ හදවත් වසඟයට ගනිමින් ශ්‍රී ලංකාව තුල ප්‍රබලතම හා ක්‍රියාකාරී තරුණ ජාලයක් බවට පත් විය.

    මෙය 1987 වර්ෂයේ සිට මේ දක්වා ලංකාව තුල දුම්කොළ මත්ද්‍රව්‍ය හා මධ්‍යසාර නිවාරණ ක්ෂෙත්‍රයේ පෙරගමන් කරුවකු වූ ADIC Sri Lanka ආයතනයට අනුබද්ධව ක්‍රියාත්මක වන ස්වේච්ඡා තරුණ එකමුතුවකි. තරුණ තරුණියන් ගේ කායික මානසික හා සමාජීය අභිවෘර්ධිය වෙනුවෙන් තම සේවාවන් මෙහෙයවමින් සිටින YAN තරුණ ජාලය සමඟ ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සිංහල, දමිළ, මුස්ලිම් තරුණ තරුණියන් 3000 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචිව තම දිස්ත්‍රික්ක තුල ස්වේච්ඡා සේවයේ නිරත වෙමින් සිටීන අතර , සමාජ මාධ්‍ය ජාල හරහා 6000කට ආසන්න ප්‍රමාණයක් ඔවුන් සමඟ එකතු වී සිටී.

    අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුල මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ,නායකත්ව පුහුණු වැඩසටහන් ඇතුලුව පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන්,රාජ්‍ය හා පෞද්ගලික ආයතන දැනුවත් කිරීමේ වැඩසටහන්,පරිසර සංරක්ෂණ වැඩසටහන් , කාන්තා හා ළමා හිමිකම් සුරැකීම සදහා #Action4Right #Action4Free ලෙස ව්‍යාපෘති දෙකක් ඇතුලුව විවිධ වැඩසටහන් රාශියක් මහජනතාව හා සම්බන්ධ වෙමින් සිදුකිරීම මඟින් තිරසාර සංවර්ධන ඉලක්ක කරා ළඟා වීම සඳහා සහය වීමට අපට හැකි විය.

    කොවිඩ් 19 සමය තුලද සමාජ මාධ්‍ය ජාලා හරහා වැඩසටහන් රාශියක් සිදු කිරීමටඔවුන් කටයුතු කල අතර, මැයි 31 පැවති ලෝක දුම්වැටි විරෝධී දිනය සමාජ මාධ්‍ය ජාලා හරහා විවිධ තරග , සාකච්ඡා මගින් ලංකාවේ ප්‍රවීණයන්ගේ සහභාගිත්වයෙන් යුතුව උසස් ප්‍රමිතියකින් යුතුව සිදු කිරීමට ලැබීම අප ලද විශාල ජයග්‍රහණයකි.

    ඒ වගේම ජුනි 10 දිනට යෙදී ඇති YAN උපන්දිනයට සමගාමීව ලේ දන් දීමේ වැඩසටහනක් සියලු ආරක්ෂක විධි විධාන පිළිපදිමින් මැයි මස 27 දින මහරගම අපේක්ෂා රෝහලේදී පැවැත් වීමට ඔවුනට හැකි විය.

    YAN තරුණ ජාලය විසින් පවත්වන Radio YAN සමඟ මේ මස 09 10 11 යන දින වලදී YAN යූ ටියුබ් චැනලය මගින් ඔබට සම්බන්ධ විය හැකි අතර හරවත් වැඩසටහන් රැසක් ඔබ වෙත ගෙන ඒමට ඔවුන් සූදානමින් සිටින්නෙමු.

    පරිසරයටය ආදරය කරන තරුණ ප්‍රජාවක් බිහි කිරීමට නිරන්තරයෙන් කැපවෙන YAN තරුණ ජාලයේ උපන්දිනය වෙනුවෙන් සුභපැතිම සදහා මිහිකතට පැලයක් දායාද කිරීමෙන් ඔබටත් සම්බන්ධ විය හැකි අතර එහි ඡායාරූපයක් YAN SRI LANKA වෙත යොමු කිරීමට අමතක් නොකරන්න.

    ශ්‍රි ලංකාවේ වගකිවයුතු තරුණ ජාලයක් ලෙස රටේ හෙට දවස වෙනුවෙන් මත්ද්‍රව්‍ය හා මද්‍යසාර වලට හසු නොවන තරුන පරපුරක් බිහිකිරීමට ඔවුන් එදා මෙන්ම අදත් හෙටත් කැපවී කටයුතු කරන්නෙමු.