January, 17, 2024
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තාක්ෂණික උපදේශන සහ ඉංජිනේරු විසඳුම් සපයන ප්රමුඛ පෙළේ සැපයුම්කරුවකු වන Zone24x7 ආයතනය, STEMUP අධ්‍යාපනික පදනම හා අත්වැල් බැඳගනිමින් ‘AI for Kids’ වැඩසටහන හරහා ශ්‍රී ලාංකික සිසුන් පරිගණක තාක්ෂණ දැනුමෙන් සන්නද්ධ කිරීම උදෙසා කටයුතු කරයි. මෘදුකාංග හා දෘඪාංග ක්ෂේත්රයේ ඉහළම පෙළේ තාක්ෂණික විසඳුම් පිරිනමන Zone24x7, මෙම උපාය මාර්ගික අත්වැල් බැඳ ගැනීම හරහා තාක්ෂණය, සයිබර් ආක්ෂාව හා අනෙකුත් නවතම තාක්ෂණික විෂයයන් පිළිබඳ සිසුන් දැනුවත් කරයි.
ලොව පුරා ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වෙමින් දැනටමත් ක්ෂේත්‍ර ගණනාවක් හා ඒකාබද්ධ වී ඇති AI තාක්ෂණය කරා සිසුන් යොමු කිරීම, එක්තරා ආකාරයකින් අනාගත වෘත්තීන් අරමුණු කරමින් තාක්ෂණික අනාගතයක් වෙත පෙර සූදානම් කිරීමකි. එම තාක්ෂණික අනාගතය සඳහා ශ්‍රී ලාංකික සිසුන් කුසලතාවන්ගෙන් සන්නද්ධ බවට මෙම වැඩසටහන, සහතිකයකි. සිසුන්ගේ නොමඳ ආකර්ෂණය දිනා ගන්නා සුළු AI තාක්ෂණික ලෝකය පිළිබඳව, ශ්‍රී ලාංකීය සිසුන් දැනුවත් කරන Zone24x7 හා STEMUP අධ්‍යාපනික පදනම ‘AI for Kids’ දිගුකාලීන වැඩසටහන මගින් සිසු සිසුවියන් සේම ගුරුවරුන් අධ්‍යාපනඥයින් හා STEMUP ස්වේච්ඡා සේවකයින් සඳහා එමගින් දැනුම ලබාදීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, මෙම තාක්ෂණික පරිසරයට විවර වන පිරිස, එම ක්ෂේත්රයෙන් ඔවුන්ගේ අනාගත වෘත්තීන් කරා යොමු වීම සඳහා මඟ පාදන හොඳම වැඩසටහන බවට මෙය පත් කිරීම ඉලක්කයයි. මෙලෙස AI තාක්ෂණය සඳහා දරුවන් හුරු කිරීමෙන් ඔවුන්ගේ විවේචනාත්මක චින්තනය, තොරතුරු විශ්ලේෂණය සහ ගැටලු විසඳීම සම්බන්ධ හැකියා දිරිගැන්වෙන අතර, දරුවන්ගේ ඉගෙනීමේ හා පුද්ගල සංවර්ධනය සඳහා මනා පිටිවහලක් සැපයේ. එමෙන්ම, මෙම පාඨමාලා මගින් ප්‍රවර්ධනය කරනු ලබන පරිගණක චින්තනය ඔස්සේ ව්‍යුහාත්මක සහ ගණිතමය ස්වභාවයෙන් ප්‍රශ්නවලට විසඳුම් සෙවීමද හුරු කරවනු ලැබේ. මෙම වැඩසටහන මගින්, සිය හැකියාවන් හා සීමාවන් පිළිබඳ අවබෝධ කර ගැනීමට සිසුන්ට හැකිවන අතර, AI පද්ධතිය ක්‍රියා කරන ආකාරය පිළිබඳ අවබෝධයක්ද ඔවුන් වෙත ලැබේ. එමෙන්ම, AI තාක්ෂණික ශිල්ප ක්‍රම සහ මෙවලම් ඉවහල් කර ගනිමින්, සිසුන්ගේ නිර්මාණශීලී කුසලතා ගවේෂණය කිරීම හා නවෝත්පාදන හැකියා වැඩි දියුණු කිරීමද මෙමගින් සිදු කෙරේ.
එපමණක් නොව, AI තාක්ෂණය සම්බන්ධ අනාගත කරන බලපෑම හමුවේ, වගකීමෙන් හා දැනුවත් භාවයෙන් කටයුතු කිරීම සඳහා AI ආචාර ධර්ම හා වගකිවයුතු AI භාවිතය පිළිබඳ මෙමගින් කෙරෙන ඉගැන්වීම්ද සිසුන්ට වඩාත් වැදගත් වේ.
රොබෝ තාක්ෂණය හා Automation වල පටන්, Natural Language Processing හා Computer Vision දක්වා වන පුළුල් පරාසයක ඉගැන්වීම්වලට මෙහිදි සිසුන් නිරාවරණය කරන අතර, සිසුන් එකට වැඩ කිරීම, අදහස් හුවමාරු කිරීම හා ඵලදායි සන්නිවේදනය සඳහා දිරිමත් කෙරෙන සහයෝගීතා ව්‍යාපෘතිවලින්ද වැඩසටහන සමන්විතය.
අවුරුදු 11-13 වයස් කාණ්ඩයේ සේම, 14 - 18 වයස් කාණ්ඩයේ, පාසල් හා විශ්ව විද්‍යාල සිසුන් අරමුණු කරමින් නිර්මාණය කර ඇති මෙම වැඩසටහන මගින්, AI (Google Deepmind, Raspberry PI Foundation) සහ Microsoft for Education Resources අත්දැකීම් පදනම් කර ගනිමින් දේශීයකරණය වුණු විෂය මාලාවක් ශ්‍රී ලාංකීය සිසුන්ට පිරිනැමේ. ස්වේච්ඡාවෙන් ඒ සඳහා ඉදිරිපත් වන විශ්ව විද්‍යාල සිසුන්ගේ ද සහාය ඇතිව, එම AI විෂය මාලාව දේශීයකරණය කිරීමට Zone24x7 කටයුතු කර තිබේ. මීට අමතරව, STEMUP අධ්‍යාපන පදනම හා එක්ව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරුන් දහසක් පුහුණු කිරීම සඳහා විශේෂ පුහුණු වැඩසටහන් පැවැත්වීම ද Zone24x7 හි සැලසුමයි. සීමාවාසික හා උපදේශන කටයුතු සඳහා ස්වේච්ඡා සේවකයින්ට හා හවුල්කරුවන්ට විශ්ව විද්‍යාල සිසුන්ගේ සහයෝගය හිමි වන අතර එහිදී, සිසුන්ට වඩාත් බලපෑම් සහගත ආකාරයට විෂය කරුණු ඉගැන්වීම සම්බන්ධ විශේෂඥ ගුරු පුහුණුවක් ද ඔවුන් වෙතින් ලැබේ. Zone24x7 හි විශේෂඥයන් සඳහන් කරන්නේ මෙම ‘ස්වේච්ඡා හවුල්කාරීත්ව වැඩසටහන’ අනාගත අවශ්‍යතා හා වෙනස්කම් සලකා තවදුරටත් වැඩිදියුණු කළ හැකි බවයි. මෙම පුහුණු වැඩසටහන සාර්ථකව නිමා කරන සියලු සිසුන්ට සහතික පත් හිමි වන අතර, ක්ෂේත්රය තුළ තවදුරටත් ප්‍රගතිය අත්පත් කර ගැනීම සඳහා මඟ පෙන්වීමද සිදු කෙරේ. එමෙන්ම, සිසුන් විශාල පිරිසක් එක වහලක් යටට එක් කෙරෙන පරිගණක ක්‍රම ලේඛන සම්බන්ධ hackathon වැඩසටහනද ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.
කැලිෆෝනියාවේ සැන් හොසේ මූලස්ථානය කරගනිමින් 2004 වසරේ පිහිටුවාගත් Zone24x7, සම්පූර්ණ තාක්ෂණික උපදෙස් හා මෘදුකාංග හා දෘඪාංග යන ක්ෂේත්‍ර දෙකෙහිම ඉංජිනේරු සේවාවන් පිරිනැමීමෙහිලා විශේෂඥ භාවයෙන් යුතුව කොළඹ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන උසස් තාක්ෂණික මධ්‍යස්ථානයකි. සමාගම සතු 200 කට අධික විශේෂඥ දැනුමෙන් සමන්විත ගෝලීය සහකරුවෝ, ව්‍යවසාය මෘදුකාංග යෙදුම්, RFID විසඳුම්, දත්ත විද්‍යා ඉංජිනේරු, Embedded Systems Engineering, Remote Monitoring සහ IoT, Machine Learning මෙන්ම, Cognitive Vision Analytics, Robotics, හා සංකල්ප වර්ධනය හා බැඳුණු තාක්ෂණික සාක්ෂි ඇතුළත් නවෝත්දන සේවා ඇතුළුව, තාක්ෂණික උපදේශන සහ ඉංජිනේරු සේවා රාශියක් පිරිනැමීම වෙනුවෙන් ඒ හා අත්වැල් බැඳගෙන සිටිති.
ශ්‍රී ලංකාවේ විද්‍යා, තාක්ෂණික, ඉංජිනේරු සහ ගණිත (STEM) උපාධි සහ වෘත්තීන් හැදෑරීමට උනන්දු වීමට සිසුන් පෙළඹවීම සහ ඔවුන් සම්බන්ධ කිරීමේ කාර්යයෙහි නියැළෙන STEMUP අධ්‍යාපන පදනම, 2016 වසරේ සිටම ඒ සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන ආයතනයකි. STEM අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා වෘත්තීය ආයතන හා විශ්ව විද්‍යාලවල විශේෂඥයින් හා පුද්ගලයින් 1600 කට අධික පිරිසකගෙන් සමන්විත ස්වේච්ඡා පදනමක් ඒ වටා පවතී.
Video Story