අද හවස ශ්‍රීලංකන් යානා 3ක් අවලංගුයි. 4ක් ප්‍රමාදයි

    February, 27, 2024

    අද (27) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් පිටත් වීමට නියමිතව තිබූ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 3ක් අවලංගු වී තිබේ.

    මේ අතර තවත් ශ්‍රීලංකන් යානා 4 ක් පිටත්වීම ප්‍රමාද වන බව වාර්තා වේ.

    අද දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නිල ගුවන් ගමන් කාලසටහන මේ බව පෙන්වා දේ.

    ඒ අනුව පැය 17.10ට මුම්බායි දක්වා පියාසර කිරීමට නියමිත වූ UL 143 දරන ගුවන් යානය, පැය 18.30 ට Dammam දක්වා පියාසර කිරීමට නියමිත වූ UL 263 දරන යානය සහ පැය 18.50 ට අබුඩාබි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ UL 207 යානය මේ වන විට අවලංගු කර ඇති ගුවන් වාර වේ.

    මීට අමතරව පැය 18.15 ට Riyadh දක්වා යාමට නියමිත UL 265 දරන යානය, පැය 18.20 ට Incheon දක්වා ගමන් ගැනීමට නියමිත වූ UL 470 දරන යානය, පැය 18.40 ට ඩුබායි දක්වා පියාසර කිරීමට නියමිත UL 225 යානය සහ පැය 18.50 ට Male දක්වා ගමන් ගැනීමට නියමිත UL 103 යානය පිටත් වීම් ප්‍රමාද වන බව වැඩිදුරටත් සඳහන් වේ.