January, 31, 2024
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු 50.23% ක කොටස් හිමිකාරීත්වය විකුණා දැමීම සඳහා වන අවසන් අදියරට චීන සහ ඉන්දියානු සමාගම් දෙකක් තෝරාගෙන ඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.
ටෙලිකොම් ආයතනයේ බහුතර කොටස් මිලදී ගැනීම සඳහා ඉදිරිපත් වී සිටියේ ඉන්දියාවේ ජියෝ ප්ලැට්ෆෝර්ම් සමාගම, චීනයේ ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් සමාගම සහ එක්සත් රාජධානියේ ලයිකා සමූහයට අයත් පෙට්ටිගෝ කොමර්සියෝ ඉන්ටර්නැෂනල් සමාගම යන සමාගම් ත්‍රිත්වයයි.
එහෙත් මුදල් අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘති කමිටුව සහ කැබිනට් මණ්ඩලය පත්කළ විශේෂ සාකච්ඡා කමිටුව ටෙලිකොම් මිලදි ගැනීම සඳහා පූර්ව සුදුසුකම් සහිත තරඟකාරී සමාගම් ලෙස ජියෝ ප්ලැට්ෆෝර්ම් සමාගම සහ චීනයේ ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් සමාගම තෝරාගෙන ඇත.
ජියෝ ප්ලැට්ෆෝර්ම් සමාගම අයත්වන්නේ ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ රිලායන්ස් ව්‍යපාරයට වන අතර එම සමාගමේ වත්කම මේ වන විට අමෙරිකානු ඩොලර් බිලියන 107ක් පමණ වන බවට වාර්තා වෙයි. ෆෝබ්ස් ව්‍යාපාරික වෙබ් අඩවියට අනුව මුකේෂ් අම්බානි පසුගවන්නේ ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ 11 වන ස්ථානයේ යි.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් විකිණිමේ විශේෂ උපදේශක ආයතනය ලෙස කටයුතු කරන්නේ ලෝක බැංකුවට අනුබද්ධ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවයි.
Video Story