වාණිජ වන වගාව දිගුකාලීන ආයෝජනයක් ලෙස පෙරමුණ ගනී

    May, 5, 2017

    පරිසර හිතකාමී තිරසර ආයෝජන ක්ෂේත්‍රයේ මෙරට ප්‍රමුඛයාවන සදාහරිත වැවිලි සමාගම, අගාවුඩ් සඳහා ලෝක වෙළඳපලේ පවතින ඉල්ලුම සැලකිල්ලට ගනිමින් අප්‍රේල් මස 1 වනදා සිට මෙරට අගාවුඩ් ආයෝජකයන් සඳහා ලබා දෙන අපේක්ෂිත ප්‍රතිලාභය තවත් වැඩි කිරීමට කටයුතු කළේය.

    මහෝගනී, සඳුන් සහ තේක්ක ආදී විවිධ ශාක වාණිජ වන වගාව සඳහා හඳුන්වා දුන් සදාහරිත වැවිලි සමාගම, 2014 වසරේ පටන් ඇක්විලාරියා (අගාවුඩ්) ද මෙරට පාරිභෝගික ජනතාව වෙනුවෙන් හඳුන්වා දුන්නේය. තිරසර වන බිම් අක්කර 2000කට අධික සංඛ්‍යාවක් සහ පාරිභෝගිකයන් 26,000 කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියන එම සමාගම දිවයින පුරා ශාඛා 32ක් පිහිටුවා ඇත.

    අගාවුඩ් ලොව ඇති වඩාත් මිල අධික ම දැවයක් ලෙස ප්‍රචලිතය. ඇක්විලාරියා ශාකයෙන් ලබා ගන්නා සුගන්ධ ද්‍රව්‍ය අගාවුඩ්, අලෝස්වුඩ්, ඊගල්වුඩ්, ගහරු, අගලෝචා හෝ ඖද් (අරාබි බසින්) ආදී විවිධ නම්වලින් ලොව පුරා හැඳින්වේ. සුගන්ධ තෙල්, දැව කැටිති, පවුඩර් මෙන් ම සුවඳ විලවුන්, කැටයම්, සුවඳකාරක සහ ඖෂධ ආදී නිමි නිෂ්පාදන ලෙස ද අගාවුඩ් අපනයනය කෙරේ. මැදපෙරදිග, චීනය, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපය ආදී රාජ්‍යන්හි අගාවුඩ් සඳහා පවතින ඉල්ලුම ශීඝ්‍රයෙන් වර්ධනයවන බැවින් ඒ සඳහා පවතින අගය ද ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. අගාවුඩ් සුගන්ධ තෙල් ඇමරිකන් ඩොලර් 30,000 සිට 50,000 දක්වා අධික මිලකට අලෙවිවන අතර කැටිති බවට පත් කළ අගාවුඩ් ඩොලර් 10,000 ක් වැනි මිලකට අලෙවි කෙරේ.

    මේ වසරේ අගෝස්තු මසදී සිය 15වන සංවත්සරය සමරමින් අගාවුඩ් ආශ්‍රිත තවත් නිෂ්පාදන හඳුන්වා දෙමින් මෙරට වාණිජ වන වගා ක්ෂේත්‍රයේ අපනයන වෙළඳපල තවදුරටත් පුළුල් කිරීම සදාහරිත සමාගමේ අපේක්ෂාවයි.