සංචරණය සහ සංස්කෘතිය සම්බන්ධ බුද්ධිමය දේපළ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ

    October, 14, 2016

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) අතර සහයෝගිතා ගිවිසුමකට එළඹීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග සහ වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    මෙරට සංචාරක ව්‍යාපාරය හා සංස්කෘතික උරුමය ප්‍රවර්ධනය කිරීමට සහ සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත සංවර්ධන අභිමතාර්ථ ළඟා කරගැනීම සඳහා සහාය වීමට බුද්ධිමය දේපළ භාවිත කිරීම සම්බන්ධයෙන් දැනුම්වත්භාවයක් ඇති කිරීමේත්, හැකියාවන් වර්ධනය කිරීමේත් අරමුණින්, ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ (WIPO) 'සංචරණය සහ සංස්කෘතිය සම්බන්ධ බුද්ධිමය දේපළ' පිළිබඳ යෝජිත ව්‍යාපෘතියක්, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා මෙමඟින් කටයුතු කරනු ඇත.