header logo
Top News
දින දෙකක් තුළ ඒකක දහසකින් කොටස් වෙළෙඳපොළ ඉහළට
දින දෙකක් තුළ ඒකක දහසකින් කොටස් වෙළෙඳපොළ ඉහළට

අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළයාමක් වාර්තා කරමින් සියලු කොටස් මිල දර්ශකය අද (05) දිනයේ දී ඒකක 589.18ක දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,000 සීමාව ඉක්මවා ගොස් ඒකක 21,130.30ක් ලෙසින් සටහන් වූ අතර මෙය පෙර දිනය හා සැසඳීමේ දී 2.87%ක ඉහළ යාමක් වේ.

මේ අතර ඊයේ (04) දිනය තුළ දීද ඒකක 421.48ක සුවිශේෂී වර්ධනයක් වාර්තා කිරීමට සියලු කොටස් මිල දර්ශකය සමත්විය. ඒ අනුව දින එකක් තුළ දී ඒකක 1,010.66කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගොස් තිබීම ආයෝජකයින්ගේ බලාපොරොත්තු ඉහළ නංවන කරුණක් වනු ඇත.

අද දින S&P SL20 දර්ශකය ඒකක 194.79ක ඉහළ යාමක් වාර්තා කළ අතර ගනුදෙනු අවසානයේ දී එය ඒකක 6,000 සීමාව ඉක්මවා යාමට සමත් වෙමින් ඒකක 6,029.88ක් ලෙසින් වාර්තා විය.

අද දින වාර්තාගත රු. බිලියන 5.43ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම ද විශේෂත්වයකි.

MostRead
VideoStories
REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%