header logo
Corporate News
Yellow House Productions, නිර්මාණ හිමිකාරිත්වය පිළිබඳ ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරන, නොමිලේ ක්‍රීඩාකළ හැකි “Whose™” වීඩියෝ ක්‍රීඩාව එළිදක්වයි
Yellow House Productions, නිර්මාණ හිමිකාරිත්වය පිළිබඳ ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරන, නොමිලේ ක්‍රීඩාකළ හැකි “Whose™” වීඩියෝ ක්‍රීඩාව එළිදක්වයි

බුද්ධිමය දේපළ පිළිබඳ මූලික නීතිරීති හා සංකල්ප සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමේ අරමුණෙන්, Yellow House Productions (Pvt) Ltd සමාගම විසින් නිර්මාණය කළ, නවතම ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩාවක් වන Whose™ ඔක්තෝම්බර් 05 වැනිදා නිල වශයෙන් එළිදැක්විණි. වීඩියෝ ක්‍රීඩා‌වේ නිරත පිරිසට, කිසිදු ගිණුමකින් හෝ ලියාපදිංචියකින් තොරව, whosegame.art වෙබ් අඩවිය ඔස්සේ නොමිලේම මෙම ක්‍රීඩාවේ නිරත විය හැකි වීම විශේෂත්වයකි.

Whose™ ක්‍රීඩාව Yellow House Productions සමාගම, Linseed (Pvt) Ltd හා අත්වැල් බැඳගනිමින්, මෙම නවතම වීඩියෝ ක්‍රීඩාව සාර්ථකව නිර්මාණය කරන ලද්දේ, ගුණ ජය සතුට පදනමේ (Foundation of Goodness) සුවිශේෂී සහයෝගයද සමඟිනි. මෙම සාර්ථක ප්‍රයත්නයෙහි, තාක්ෂණික සහකරු ලෙසින්, Nanotek Solutions සමාගමද Yellow House Productions හා එක්ව සිටියි.

බුද්ධිමය දේපළවල හිමිකාරිත්වය පිළිබඳව සමාජයේ මතුවන සංකීර්ණ ගැටලු කුතුහලයෙන් යුතුව ක්‍රීඩා කළ හැකි ප්‍රායෝගික සිද්ධි අධ්‍යයනයන් බවට පරිවර්තනය කිරීම Whose™ හි ඇති සුවිශේෂීම ලක්ෂණයයි. උදාහරණයක් ලෙස, ‘පුද්ගලයන් හයදෙනෙකු එකතු වී නිර්මාණය කරන ලද ගීතයක සැබෑ අයිතිය හිමිවන්නේ කාටද?’, ‘අන්තර්ජාලය ඔස්සේ සොයාගත් ඡායාරූපයක් වෙළඳසැලක ප්‍රචාරක පෝස්ටරයක් සඳහා භාවිත කළ හැකිද?’ නැත්නම්, ‘මංගල උත්සවයකදී වාදක මණ්ඩලයකට නීතිමය බලපත්‍රයක් අවශ්‍යද?’ වැනි එදිනෙදා ජීවිතයේදී මුහුණදීමට සිදුවන සැබෑ ප්‍රශ්න හමුවේ ක්‍රීඩකයා තමාගේ තීරණය ලබාදීමෙන් අනතුරුව, ඒ පිටුපස ඇති නිවැරදි නීතිමය හේතු කාරණා පැහැදිලිව දැකබලා ගැනීමට ඔවුන්ට අවස්ථාව සලසා ඇත.

සංගීතය, ඡායාරූපකරණය, ග්‍රන්ථ ප්‍රකාශනය, බලපත්‍ර ගිවිසුම්, සන්නාම සහ සාම්ප්‍රදායික දැනුම ආදී  ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම වීඩියෝ ක්‍රීඩාවට, එම ක්ෂේත්‍රවලට අදාළව, 2003 අංක 36 දරන ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පනත පාදක කරගත් සිද්ධි අධ්‍යයන 25ක් ඇතුළත් වේ. එමෙන්ම, ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ (WIPO) ගිවිසුම් සහ ලොව අනෙකුත් රටවල භාවිතයන්ට අදාළ වැදගත් කරුණුද ඇතුළත්කර තිබේ. බුද්ධිමය දේපළ විෂය ක්ෂේත්‍රය මුළුමනින්ම ආවරණය වන තෙක් අලුත් ක්‍රීඩා අඛණ්ඩව එක්කරන අතරම, සිංහල හා දෙමළ අනුවාදයන්ද නිකුත් කිරීමට අපේක්ෂිත Whose™, අධ්‍යාපනික හා දැනුවත් කිරීමේ අරමුණෙන් පමණක් හඳුන්වාදී ඇති වීඩියෝ ක්‍රීඩාවක් බැවින්, ඍජු නීතිමය උපදේශනයක් ලෙස නොසැලකිය යුතුය.

මේ පිළිබඳව අදහස් දක්වමින්, Yellow House Productions ආයතනයේ ප්‍රධාන විධායක, Whose™ හි සම-නිර්මාණකරු මෙන්ම ප්‍රකාශක වන හසිත ජයතිලක මහතා මෙලෙස අදහස් දැක්විය. "ශ්‍රී ලංකාවේ නිර්මාණකරුවන් අතර ඇතිවන බොහෝ නීතිමය ආරවුල් ආරම්භ වන්නේ කිසිවෙකුගේ නරක චේතනාවකින් නෙවෙයි. ඒවා හුදෙක් මිත්‍රත්වයට මුල්තැන දී කට වචනයට එකඟ වීමෙන්, හිමිකාරිත්ව අයිතිය බෙදීයන ආකාරය  සම්බන්ධ ලේඛන අතපසු වීමකින්, නැත්නම් කිසිවෙකුවත් නොකියවූ බලපත්‍රයකින්. ආරම්භයක් ලෙසින් විඩියෝ ක්‍රීඩා 25 ක් සමඟින් හඳුන්වාදෙන මේ හරහා සම්පූර්ණ විෂය ක්ෂේත්‍රයම නොමිලේ ඉගෙනගත හැකි පරිදි අපි අලුත් ක්‍රීඩා අඛණ්ඩව එකතු කරනවා."

මින් පෙර, නිර්මාණශීලී සහ සංස්කෘතික කටයුතු උදෙසා වන ARRA Framework (arraframework.org) සදාචාරාත්මක රාමුව රචනා කරන ලද ජයතිලක මහතා විිසින්, දැනට භාවිතයේ නොමැති පොත්පත් නැවත නීත්‍යානුකූලව මුද්‍රණය කිරීම සඳහා වන Printing Right Attribution (PRA - printingrightattribution.org) බලපත්‍ර රාමුව සඳහා යෝජනාවද ඉදිරිපත් කර තිබේ.

Yellow House Productions ආයතනයේ සම-ආරම්භක, නිර්මාණාත්මක අධ්‍යක්ෂ සහ Whose™ හි සම-නිර්මාණකාරිනී ප්‍රභා හේවගේ මහත්මිය මෙසේ පැවසුවාය: "නීතිමය සංකල්ප බොහෝවි පවතින්නේ, සාමාන්‍ය ජනතාවගෙන් දුරස්වයි. ඒ නිසා මේ ක්‍රීඩාවේ සෑම සිදුවීමක්ම අපි මිනිසුන්ට හුරුපුරුදු තැන්වලට, පටිගත කිරීමේ මැදිරියක්, මංගල ශාලාවක්, නිවසක මුළුතැන්ගෙයක හෝ වෙළඳපොළක් වගේ තැන්වලට ගෙනාවා. ඒ, තමන්ගේම අත්දැකීමක් ලෙස අත්විඳින දෙයක්, සදාකාලිකව මතකයේ රැඳෙන නිසයි."

ගුණ ජය සතුට පදනමේ (Foundation of Goodness) නිර්මාතෘ, කුෂිල් ගුණසේකර මහතාද සිය අදහස් පළ කළේය: “දැනුම කියන්නේ කිසිවිටෙකත් වරප්‍රසාදලත් පිරිසක් සඳහා වන දෙයක් නොවිය යුතුයි. සංගීතය, කලාව සහ ව්‍යාපාර දිනපතා බිහිකරන ලංකාවේ තරුණ පරපුරෙන්, තමන්ගේ නිර්මාණ නීත්‍යානුකූලව ආරක්ෂා කරගන්නා ආකාරය දන්නේ සුළු පිරිසක් විතරයි. ඒ දැනුම සියලුදෙනාටම විවෘත කරන, Whose™ හි  ඉදිරි ගමනට සහාය වෙමින්, මෙම සංකල්පය ප්‍රවර්ධනය කිරීමට හැකිවීම අපට සතුටට කාරණයක්.”

ශ්‍රී ලංකාවේ ප්‍රථම 'සංස්කෘතික-තාක්ෂණික' XR ස්ටූඩියෝව වන Yellow House Productions මෙරට සංස්කෘතික උරුමය, කලාව සහ ශ්‍රී ලාංකීය  සංස්කෘතිය, නූතන තාක්ෂණය ඔස්සේ නව ප්‍රේක්ෂක පදනමක් කරා රැගෙන යන  නවතම  අත්දැකීම් සමඟින් සුවිශේෂී වීඩියෝ ක්‍රීඩා නිර්මාණය කරනු ලබයි.

Linseed, තම නිර්මාණවල හිමිකම් ආරක්ෂා කරගනිමින් ඊට අදාළ භාවිත අවසර ලබාදීමේදී නීත්‍යානුකූලව කටයුතු කිරීමට නිර්මාණකරුවන්ටත්, ආයතනවලටත් සහය වන විශ්වාසනීයත්වය පදනම් කරගත් ඩිජිටල් සේවාවකි.

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි, රාජ්‍ය නොවන සංවිධානයක් වන ගුණ ජය සතුට පදනම (Foundation of Goodness), මෙරට නාගරික සහ ග්‍රාමීය වශයෙන් පහසුකම් අතර පවතින පරතරය අඩු කිරීමේ අරමුණින්, දිවයින පුරා මධ්‍යස්ථාන 24ක් හරහා නොමිලේ මානුෂීය සහ සවිබල ගැන්වීමේ වැඩසටහන් ක්‍රියාවට නංවයි.

පරිගණක දෘඪාංග සහ තොරතුරු තාක්ෂණ විසඳුම් සපයන ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකේය තාක්ෂණික සමාගමක් වන Nanotek Solutions, Yellow House Productions ආයතනයේ නිල තාක්ෂණික සහකරු ලෙස කටයුතු කරන ආයතනයයි.

MostRead
VideoStories
REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%