header logo

Daily Exchange Rates

Nov 13, 2026
Top News
නිශ්චිත කාර්යයන් 8ක් සඳහා TIN අංකයේ අවශ්‍යතාවය 2027 අප්‍රේල් 01 දක්වා කල්යයි
නිශ්චිත කාර්යයන් 8ක් සඳහා TIN අංකයේ අවශ්‍යතාවය 2027 අප්‍රේල් 01 දක්වා කල්යයි

2026 නොවැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි, නිශ්චිතව සඳහන් කර ඇති ගනුදෙනු වර්ග අටෙන් (08) ඕනෑම ගනුදෙනුවක නිරත වන පුද්ගලයකු, වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ සහතිකයක් (TIN Certificate) ඉදිරිපත් කිරීම අනිවාර්ය අවශ්‍යතාවය බලාත්මක වන දින 2027 අප්‍රේල් 01 දින දක්වා කල් දැමීමට තීරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයක් පහතින් දැක්වේ.

මහජනතාව වෙත සහ සියලුම වගකිවයුතු නිලධාරීන් වෙත කරනු ලබන දැනුම්දීමයි

නිශ්චිතව දක්වනු ලබන කාර්යයන් සඳහා TIN සහතිකය අනිවාර්යයෙන් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය

2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මගින් සංශෝධිත, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 103 වගන්තියේ (6) වන උපවගන්තිය ප්‍රකාරව, 2026 සැප්තැම්බර් 22 දිනැති SEC/PN/IT/2026/05 දරන චක්‍රලේඛය මගින්, 2026 නොවැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි, නිශ්චිතව සඳහන් කර ඇති ගනුදෙනු වර්ග අටෙන් (08) ඕනෑම ගනුදෙනුවක නිරත වන පුද්ගලයකු, වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ සහතිකයක් (TIN Certificate) ඉදිරිපත් කිරීම අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අදාළ සියලුම නිලධාරීන් වෙත දැනුම් දී ඇත.

කෙසේ වෙතත්, ඉහත සඳහන් ගනුදෙනුවල නිරත වන පුද්ගලයන්ගෙන් මෙන්ම වෙනත් පුද්ගලයන්ගෙන් ද TIN සහතික සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බව නිරීක්ෂණය වී ඇත.

මෙම තත්වය සැලකිල්ලට ගනිමින් සහ මුදල් අමාත්‍යාංශයේ අනුමැතියද ඇතිව, ඉහත සඳහන් අනිවාර්ය අවශ්‍යතාවය ක්‍රියාත්මක කිරීම 2027 අප්‍රේල් 01 දින දක්වා කල් දැමීමට තීරණය කර ඇත.

මෙම දීර්ඝ කරන ලද කාලසීමාව තුළ, දැනටමත් TIN අංකයක් සඳහා ලියාපදිංචි වී ඇති පුද්ගලයන්ට තම TIN සහතිකය වඩාත් පහසු ක්‍රමවේදයකින් ඔස්සේ ලබා ගැනීමට හැකි වන පරිදි විකල්ප ක්‍රමවේදයන් හඳුන්වා දීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත. එසේම, මෙතෙක් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයන්ට මාර්ගගතව ඊ-සේවාව (e-Services) ඔස්සේ තම TIN ලියාපදිංචිය ලබා ගන්නා ලෙස ද දැනුම් දෙනු ලැබේ.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්
බදු - වඩා හොඳ අනාගතයකට

MostRead

වතුකර ප්‍රජාව වෙනුවෙන් වූ දැවැන්ත සෞඛ්‍ය සේවා කඳවුරක් සමඟින් මෙල්ස්ටා හොස්පිටල්ස් සිය ආයතනික සමාජ වගකීම් මෙහෙවර මධ්‍යම කඳුකරය වෙත පුළුල් කරයි

වතුකර ප්‍රජාව වෙනුවෙන් වූ දැවැන්ත සෞඛ්‍ය සේවා කඳවුරක් සමඟින් මෙල්ස්ටා හොස්පිටල්ස් සිය ආයතනික සමාජ වගකීම් මෙහෙවර මධ්‍යම කඳුකරය වෙත පුළුල් කරයි

වීඩියෝපුවත්

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%