header logo
Corporate News
Nutriline වෙතින් දේශීය බඩඉරිඟු වල පෝෂණ ගුණය උදෑසන ආහාර මේසයට රැගෙන එයි
Nutriline වෙතින් දේශීය බඩඉරිඟු වල පෝෂණ ගුණය උදෑසන ආහාර මේසයට රැගෙන එයි

දේශීය අමුද්රව්ය හරහා කෘෂිකාර්මික අගය වැඩිදියුණු කරමින්, ආහාර නිෂ්පාදනය පාරිභෝගික අවශ්යතා සපුරාලයි.

CBL සමූහයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Plenty Foods (Pvt) Limited විසින් සිය උදෑසන ආහාර නිෂ්පාදන සන්නාමය වන, Nutriline ධාන්යමය ආහාර නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කරමින්, නවතම Nutriline Corn Flakes නිෂ්පාදනය වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. 100%ක්ම දේශීයව වගා කරන ලද බඩඉරිඟු යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති මෙම නවතම උදෑසන ආහාරය මඟින් පාරිභෝගිකයින්ට ඉහළ පෝෂණයක් ලබා දෙන අතරම, දේශීය කෘෂිකර්මාන්තයට සහ ඒ ආශ්රිත ගොවි ප්රජාවගේ ජීවනෝපායන් ඉහළ නංවාලීමට CBL සමූහය දක්වන අඛණ්ඩ කැපවීම මැනවින් පිළිබිඹු වේ.

මෙම නව නිෂ්පාදනය හඳුන්වාදීම සම්බන්ධයෙන් CBL ආහාර අංශයේ අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී මංජුල දහනායක මහතා මෙසේ අදහස් පැවසීය. ''CBL සමූහය සැමවිටම විශ්වාස කරන්නේ ජන ජීවිතයට සහ සමාජයට යහපත් බලපෑමක් ඇති කරන ආහාර සංස්කෘතියක් බිහිකිරීමටයි. අපගේ නිෂ්පාදන දෛනිකව පාරිභෝගිකයා වෙත සමීප කරමින්, එම ව්යාපාරික මෙහෙවරෙහි සැබෑ ප්රතිලාභ රැගෙන අප 'ගොවි පවුල' වැනි සුවිශේෂී ව්යාපෘති හරහා දේශීය ගොවි ජනතාවට සහ කෘෂිකර්මාන්තය මත යැපෙන 21,000කට අධික ගොවි පවුල් ප්රමාණයක් සවිබල ගැන්වීමට කටයුතු කරනවා. නවතම Nutriline Corn Flakes යනු මෙම දැක්ම මත පදනම්ව නිෂ්පාදනය කෙරුණු තවත් නිෂ්පාදනයක්. 100%ක්ම දේශීයව සපයා ගන්නා ලද බඩඉරිඟු භාවිතයට ගනිමින් දේශීය කෘෂි අස්වැන්න, පාරිභෝගිකයාගේ දෛනික පෝෂණ අවශ්යතාව ඉටු කරන ගුණාත්මක නිෂ්පාදනයක් සමගින් එකතු කිරීමට අපට හැකි වී තිබෙනවා.''

අලුතින් හඳුන්වා දුන් Nutriline Corn Flakes නිෂ්පාදනයට, අමතර වර්ණක හෝ රසකාරක කිසිවක් අඩංගු කර නොමැති අතර එය ඉහළ යකඩ පෝෂක හා ප්රෝටීන් මෙන්ම අත්යවශ්ය විටමින් වර්ග 10ක පෝෂණ ගුණයකින් සමන්විත වේ. පාරිභෝගිකයින් හට සිය අවශ්යතාවයන්ට ගැළපෙන අයුරින්, විවිධ ප්රමාණයන්ගෙන් සහ සහනදායී මිල ගණන් යටතේ නිෂ්පාදනය කර ඇති Nutriline Corn Flakes දිවයින පුරා පිහිටි සියලුම වෙළෙඳසැල්වලින් මිලදී ගත හැකිය.

මේ පිළිබඳව අදහස් දක්වමින් CBL ආහාර අංශයේ, අලෙවි සාමාන්යාධිකාරිනී සචි ප්රනාන්දු මහත්මිය මෙසේ පැවසුවාය.'' කාර්යබහුල දෛනික ජීවන රටාව හේතුවෙන් ශ්රී ලාංකික පාරිභෝගිකයන්ගේ උදෑසන ආහාර පුරුදු වෙනස් වෙමින් පවතිනවා. විශේෂයෙන් දරුවන්ගේ පාසල් කටයුතු, වැඩිහිටියන්ගේ රැකියා සහ අනෙකුත් උදෑසන වගකීම් සමබරව කළමනාකරණය කරන පවුල්වල අවශ්යතා සැලකිල්ලට ගනිමින් Nutriline Corn Flakes වෙළෙඳපොළට හඳුන්වා දීමට අප පියවර ගනු ලැබුවා. පාරිභෝගිකයන්ගේ ජීවන රටාවන්ට ගැළපෙන සෞඛ්ය සම්පන්න හා පෝෂ්යදායී ආහාර විකල්ප සඳහා පවතින ඉල්ලුම නිවැරදිව හඳුනාගනිමින්, දේශීය වටිනාකම්ද වැඩිදියුණු කරමින් නිපදවා ඇති Nutriline Corn Flakes තත්පර කිහිපයකින් ඉතා පහසුවෙන් සූදානම් කරගත හැකි පෝෂ්යදායී උදෑසන ආහාරක්.''

වසර 11කට වැඩි කාලයක් පුරා ශ්රී ලංකාවේ උදෑසන ධාන්යමය ආහාර නිෂ්පාදන කාණ්ඩය තුළ විශ්වාසය දිනාගත් Nutriline සන්නාමය, මේ වන විට බහු ධාන්යමය සීරියල් වර්ග, Rolled Oats සහ Instant Oats ඇතුළු නිෂ්පාදන රැසකින් සමන්විත වේ. නවතම Nutriline Corn Flakes හඳුන්වාදීමත් සමඟ එම නිෂ්පාදන පරාසය තවදුරටත් පුළුල් කරමින්, කාර්යබහුල ජීවන රටාවකට ගැළපෙන, පෝෂ්යදායී සහ පහසුවෙන් සකස් කරගත හැකි තවත් උදෑසන ආහාර විකල්පයක් තෝරාගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සැලසී තිබේ. එමෙන්ම, CBL සමූහයේ නිෂ්පාදන සඳහා දේශීයව සපයා ගන්නා කෘෂි අස්වනු භාවිතය තවදුරටත් පුළුල් කිරීමට ද මෙය දායක වේ.

MostRead
VideoStories
TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%