
Samsung Sri Lanka සමාගම Dialog Finance හි Lesi Pay පහසු ගෙවීමේ ක්‍රමය, ඩයලොග් ප්‍රදර්ශනාගාරවලට අමතරව දිවයින පුරා පිහිටි Samsung බලයලත් අලෙවිසැල් 400ක් දක්වා ව්‍යාප්ත කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. මෙම සුවිශේෂී පහසු ගෙවීමේ සේවාව තුලින් Samsung ස්මාර්ට් ජංගම දුරකතන සහ ටැබ්ලට් පරිගණක මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට උදා වේ. එමෙන්ම 2026 වසර අවසන් වන විට මෙම සේවාව සපයන අලෙවිසැල් සංඛ්‍යාව 1,000 දක්වා ඉහළ නැංවීමට Samsung අරමුණු කොට ගෙන ඇත.
Lesi Pay යටතේ ක්‍රෙඩිට් කාඩ් හෝ ඇපකරුවන් නොමැතිව, රුපියල් 3,657ක් වැනි අවම මුදලක සිට ආරම්භ වන මාසික වාරික පහසුකම් තුලින් මාස 18ක් දක්වා ගෙවා නිම කිරීමේ පදනම මත Samsung දුරකතන මිලදී ගැනීමට සුදුසුකම් ලත් පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවේ. මීට අමතරව, බලයලත් අලෙවිසැල්වලින් මිලදී ගන්නා නිෂ්පාදන සඳහා Samsung නිල වගකීම සහ කොන්දේසිවලට යටත්ව මාස 24ක් දක්වා වලංගු Samsung Break-Free විශේෂ දීමනාවද ලබා ගත හැකිය.
ඒ අනුව Samsung හි Galaxy A07, Galaxy F07, Galaxy F06 5G, Galaxy A17 5G, Galaxy M17 5G ස්මාර්ට් ජංගම දුරකතන සහ Galaxy Tab A11 වැනි ටැබ්ලට් පරිගණක මෙම Lesi Pay සේවාව යටතේ මිලදී ගැනීමේ අවස්ථාව මෙරට පාරිභෝගිකයන්ට උදා වේ.
Dialog Finance විසින් පිරිනමන Lesi Pay යනු සුදුසුකම් ලත් පාරිභෝගිකයින්ට තෝරාගත් දුරකථන සහ අමතර කොටස් සඳහා වන පිරිවැය ක්‍රමවත් මාසික වාරික මගින් ගෙවීමට උපකාර වන ණය පහසුකමකි. ක්‍රෙඩිට් කාඩ් හෝ ඇපකරුවන් අවශ්‍ය නොවන මෙම සේවාව යටතේ, පාරිභෝගිකයින් වඩාත් කැමති නිෂ්පාදන තෝරා ගැනීමට පෙර තමන්ට ණය පහසුකම ලබාගත හැකිදැයි Dialog Pay app හරහා පරීක්ෂා කර බැලීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ඇත. ණය අනුමත කිරීම, ගෙවිය යුතු කාල සීමාවන් සහ අදාළ පොලී අනුපාතයන් පිළිබඳව Dialog Finance තීරණය කරනු ලබයි.
මෙම සුවිශේෂී පහසුකම පිළිබඳව අදහස් දක්වමින් Samsung හි ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකාර අධ්යක්ෂ Dongkyun Lee මහතා සඳහන් කර සිටියේ ‘’Dialog Lesi Pay පහසුකම අපගේ බලයලත් අලෙවි ජාලය දක්වා ව්‍යාප්ත කිරීම, ශ්‍රී ලංකාව පුරා සිටින පාරිභෝගිකයින්ට නියම ජංගම උපාංග පහසුවෙන් ලබා දීම සඳහා වන වැදගත් පියවරක් ලෙස සඳහන් කළ හැකියි. ඉහළම අලෙවිසැල් ප්‍රමාණයක් හරහා මෙම පහසු ගෙවීමේ සේවාව ලබා දීම මගින්, පාරිභෝගිකයින්ට තමන් කැමතිම නිෂ්පාදන මිලදී ගැනීමට හැකි අතරම Samsung හි වගකීම සහ අලෙවියෙන් පසු සේවාවන් භුක්ති විඳීමේ හැකියාවද උදා වනවා.” යනුවෙනි.
Dialog Finance PLC හි ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්යක්ෂ නසීම් මොහොමඩ් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් “ශ්‍රී ලාංකිකයන්ගේ එදිනෙදා අවශ්‍යතාවලට ගැලපෙන පරිදි මූල්‍ය පහසුකම් වඩාත් සරල සහ පහසුවෙන් ළඟා කරගත හැකි එකක් බවට පත් කිරීම Dialog Finance හි අරමුණ වී තිබෙනවා. ක්‍රෙඩිට් කාඩ් හෝ ඇපකරුවන් අවශ්‍ය නොවන, පහසු සහ නම්‍යශීලී මාසික වාරික විසඳුම් මගින් පාරිභෝගිකයන්ට තමන්ට අවශ්‍ය ස්මාර්ට් නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමෙන් Lesi Pay හරහා අප එම කැපවීම ප්‍රදර්ශනය කර තිබෙනවා. මෙම පහසුකම Samsung හි බලයලත් සිල්ලර වෙළෙඳ ජාලය පුරා ව්‍යාප්ත කිරීම, දිවයින පුරා සිටින වැඩිම පාරිභෝගිකයන් පිරිසකට මෙම සේවාව සමීප කිරීමට තැබූ වැදගත් පියවරක් ලෙසද සඳහන් කළ හැකියි. ඩිජිටල් තාක්ෂණය හරහා මූල්‍ය පහසුකම් සපුරා ගැනීමේ අවස්ථාව තව දුරටත් ඉහළ නැංවීමට මෙන්ම එදිනෙදා ජීවිතයට අවශ්‍ය තාක්ෂණික සේවාවන් පහසුවෙන් සපුරා ගැනීම සඳහා ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් සවිබල ගැන්වීමට මෙම හවුල්කාරීත්වය තුලින් අප බලාපොරොත්තු වනවා.” යනුවෙන් පැවසීය.
Dialog Pay app ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් හෝ මේ සඳහා සම්බන්ධ වී ඇති ඩයලොග් ප්රදර්ශනාගාරයක් හෝ සැම්සුන් බලයලත් අලෙවිසැලක් වෙත පැමිණීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි.


















