header logo
Top News
කොළඹ වරාය නගරයේ ඉන්දීය ආයෝජක සමුළුවේදී ඉන්දියා - ශ්‍රී ලංකා ආර්ථික සබඳතාවලට ප්‍රමුඛස්ථානයක්
කොළඹ වරාය නගරයේ ඉන්දීය ආයෝජක සමුළුවේදී ඉන්දියා - ශ්‍රී ලංකා ආර්ථික සබඳතාවලට ප්‍රමුඛස්ථානයක්
ප්‍රධාන ක්ෂේත්‍රයන්හි ආයෝජන සහයෝගීතාව වර්ධනය කරගැනීම උදෙසා නියෝජිතයින් 200කට අධික පිරිසක් එක්වෙති.
 
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, 2026 නොවැම්බර් 4 වන දින චෙන්නායිහි Hyatt Regency හෝටලයේ දී පවත්වන ලද කොළඹ වරාය නගර ආයෝජක සමුළුව මඟින් නව ආයෝජන, ව්‍යාපාර සහ දේශසීමා අතර ව්‍යාපාරික හවුල්කාරිත්වය සඳහා වන නව මංපෙත් ගවේෂණය කරන ලදී.
 
චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් Port City Colombo (PCC) සමඟ එක්ව සංවිධානය කරන ලද මෙම සමුළුව සඳහා දේපළ වෙළඳාම්, මූල්‍ය සේවා, සැපයුම් දාම, තොරතුරු තාක්ෂණ සහ තාක්ෂණික අංශවල ව්‍යාපාරික නායකයන්, ප්‍රමුඛ පෙළේ ඉන්දියානු කර්මාන්ත මණ්ඩලවල නියෝජිතයන්, ආයෝජකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් ඇතුළු 200කට අධික පිරිසක් සහභාගී වූහ. ආරාධිතයන්ට පමණක් සීමා වූ මෙම සමුළුව, ඉන්දියානු ව්‍යාපාරික සහ ආයෝජන ප්‍රජාව සමඟ සබඳතා ගැඹුරු තවදුරටත් සවිමත් කිරීමට කොළඹ වරාය නගරය සතු කැපවීම මනාව පෙන්නුම් කළ සුවිශේෂී අවස්ථාවක් විය.
 
දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් අතිගරු ආචාර්ය ගනේෂනාදන් ගේතිස්වරන් මහතාගේ දේශනයකින් වැඩසටහන ආරම්භ විය. "ඉන්දියාව සහ ශ්‍රී ලංකාව භූගෝලීය, ඓතිහාසික සහ වාණිජමය වශයෙන් එකිනෙකට බැඳී පවතින අතර, එම සබඳතාව අද වන විට වෙන කවරදාටත් වඩා ශක්තිමත්ය. සවිමත් කාර්මික පදනමක් සහ ව්‍යවසායක පරිසරයක් ඇති චෙන්නායි, මෙම සාකච්ඡාව සඳහා ඉතා වැදගත් වෙළඳපලකි. අප දෙරටේ ව්‍යාපාර අතර කල්පවත්නා හවුල්කාරිත්වයන් ගොඩනඟා ගැනීමට මෙම සමුළුව උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු" ලෙසින් ඔහු මෙහිදී පැවසුවේය.
 
"India's Growth Story, Strengthened: Why Sri Lanka, Why Now" යන්න සමුළුවේ ප්‍රධාන තේමාව වූ අතර, ඉන්දියානු ව්‍යාපාරවලට තම දේශීය පදනමෙන් ඉවත් නොවී තවදුරටත් හැකියාවන් සහ වෙළඳපල ප්‍රවේශය පුළුල් කර ගැනීමට එමඟින් අවස්ථාව සැලසිණි. ශ්‍රී ලංකාව ඉන්දියාවට සමීප වීම, කාල කලාපය සමාන වීම, සංස්කෘතික සමානකම් සහ ස්ථාපිත වාණිජ හා නීතිමය ආයතන තිබීම ආදී කාරණා මෙහිදී ප්‍රධාන ප්‍රතිලාභ ලෙස පෙන්වා දෙන ලදී. දේපළ වෙළඳාම්, දත්ත විශ්ලේෂණ, සයිබර් ආරක්ෂණය, කෘත්‍රිම බුද්ධිය (AI) සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල අවස්ථා පිළිබඳව ද මෙහි දී සාකච්ඡා විය.
 
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා සභාපති ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා පැවසුවේ, වරාය නගරය  ස්ථාවර නීතිමය පදනමක් සහ ආයෝජකයන්ට ලැබෙන ආරක්ෂාව හරහා විශ්වාසයක් ලබා දෙන පරිදි සැලසුම් කර ඇති බවයි. මෙම ව්‍යාපෘතිය ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ජාතික වැදගත්කමකින් යුත් ව්‍යාපෘතියක් බව ද ඔහු අවධාරණය කළේය.
 
CHEC Port City Colombo (Pvt) Ltd හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ මහතා, ශ්‍රී ලංකාවේ එකම විදේශ මුදල් නම් කරන ලද විශේෂ ආර්ථික කලාපය ලෙස එහි පිහිටීම ඉස්මතු කළේය. එක් ස්ථානයකින් අනුමත කිරීමේ ක්‍රියාවලිය, 100%ක විදේශීය හිමිකාරිත්වය සහ ඉන්දියානු රුපියල ඇතුළුව විදේශ මුදල් 16කින් ගනුදෙනු කිරීමට ඇති හැකියාව එහි පවතින සුවිශේෂීතා ලෙස ඔහු පැහැදිලි කළේය.
 
සමුළුව අතරතුර TVS Vehicle Mobility Solutions හි CEO මධු රඝුනාත්, JLL හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රොබින් එස්., හර්ෂ අමරසේකර සහ තුල්සි අලුවිහාරේ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මණ්ඩල සාකච්ඡාවක් පැවැත්වුණි. එහිදී JLLහි රොබින් එස්. මහතා සඳහන් කළේ, පැහැදිලි නියාමන රාමුවක් සහ විනිවිද පෙනෙන දිරිගැන්වීම් හේතුවෙන් ඉන්දියාවෙන් වරාය නගරය කෙරෙහි දැඩි උනන්දුවක් ගොඩනැගෙමින් පවතින බවයි.
 
චෙන්නායි හි පැවති මෙම ආයෝජක සමුළුව ඉන්දියානු ව්‍යාපාරික සහ ආයෝජන ප්‍රජාව සමඟ සබඳතා ගැඹුරු කිරීමේ වැදගත් පියවරක් වන අතර, ඉදිරියටත් නව ආයෝජන සහ සහයෝගීතාවයන් සඳහා වන සංවාද අඛණ්ඩව පවත්වනු ඇත.
 
තවත් ඡායාරූප
more-image-0
more-image-1
more-image-2
more-image-3
more-image-4
MostRead
VideoStories
BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%