
ව්‍යාපාරික ගුණාත්මක බව හා ලාභදායීත්වය තුළින් අළෙවි විශිෂ්ටත්වය විදහා දැක්වූ ශ්‍රී ලාංකික සහ වියට්නාම GIPA සම්මානලාභීන් ඇගයීමට ලක් කෙරේ
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General) සහ වියට්නාමයේ PVI ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ආයතනය එක්ව, '2026 General Insurance Pinnacle Award - GIPA' සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස පවත්වමින්, සාමාන්‍ය රක්ෂණ අලෙවිකරණ ක්ෂේත්රයේ කැපීපෙනෙන දක්ෂතා දැක්වූ දෙපාර්ශවයේම විශිෂ්ටයින් ඇගයීමට ලක් කළේය.
3වන GIPA සම්මාන ප්රදානෝත්සවය වියට්නාමයේ හැනෝයි නගරයේ පිහිටි PVI ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ආයතනයේ ප්‍රධාන කාර්යාලය වන PVI Tower හි 20 වන මහලේදී 2026 ඔක්තෝබර් මස 09 වන දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. SLIC General ආයතනය නියෝජනය කරමින් ශ්‍රී ලාංකික GIPA සම්මානලාභීන් 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, PVI ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ආයතනයේ සම්මානලාභීන්, ඔවුන්ගේ අධීක්ෂකවරුන් මෙන්ම PVI ඉන්ෂුවරන්ස් කෝපරේෂන් සහ Hanoi-Re ආයතනවල ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායම් ද මෙම අවස්ථාවට එක් වූහ. 100කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති 2026 GIPA සම්මාන උළෙල, විශිෂ්ටත්වය, අන්‍යෝන්‍ය සුහදත්වය සහ ජාත්‍යන්තර සහයෝගීතාවය අගයමින් සැමරුණු, සදා මතකයේ රැදෙන සුවිශේෂී අවස්ථාවක් විය.
වියට්නාමයේ සාමාන්‍ය (ජීවිත නොවන) රක්ෂණ ක්ෂේත්රයේ වෙළඳපොළ ප්‍රමුඛයා වන PVI ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ආයතනය, මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ උපායමාර්ගික සත්කාරක හවුල්කරු ලෙස සිය දායකත්වය ලබා දෙන ලදී. PVI ඉන්ෂුවරන්ස් කෝපරේෂන් හි සභාපති මෙන්ම PVI Holdings හි උප සභාපති Dương Thanh Danh මහතාගේ දැක්ම හා මඟපෙන්වීම යටතේ, එහි ප්‍රධාන විධායක නිලධාරී Phạm Anh Đức මහතා සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී Le Hong Linh මහත්මියගේ නායකත්වයෙන් යුත් PVI හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායම, GIPA සංකල්පය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ඉදිරියට ගෙන යාම සඳහා SLIC General සමඟ එක්ව කටයුතු කරන ලදී. එමෙන්ම, PVI සමූහයට අයත් සමාගමක් වන Hanoi Re හි කළමනාකාරීත්ව කණ්ඩායම ද මෙම සම්මාන උළෙලට සහභාගී වූ අතර එම ආයතනය නියෝජනය කරමින් සම්මාන දිනාගත් ජයග්‍රාහකයෝ ද වූහ.
SLIC General හා PVI ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ආයතනයේ විශිෂ්ටතම දක්ෂතා දැක්වූවන් ඇගයීමට ලක් කරමින්, සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්රය තුළ වෘත්තීය දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම, කර්මාන්තයේ නියැළී සිටින පාර්ශ්වයන් අතර සබඳතා ශක්තිමත් කිරීමට මෙන්ම අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා මෙම අවස්ථාව මනා පිටුවහලක් විය.
ක්ෂේත්රයේ මෙම ප්රමුඛ සමාගම් දෙක එක්ව සිය සහයෝගීතාවය තුළින් අලෙවි ක්ෂේත්රයේ විශිෂ්ටත්වය උදෙසා නව යුගයක ආරම්භය සනිටුහන් කරමින්, අලෙවි කාර්යසාධන විශිෂ්ටතා ඇගයීමට ලක් කෙරිණි. ව්‍යාපාරයක සාර්ථකත්වය මැන බැලීමේ එකම නිර්ණායකය තවදුරටත් සමස්ත අලෙවි පරිමාව නොවන බව මෙම සහයෝගීතාවය තුළින් අවධාරණය කෙරිණි. හුදෙක් විකුණුම් පරිමාවට එහා යමින්, දිගුකාලීන සාධනීයත්වය, ස්ථාවර වූ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ශක්තිමත් ආයතනික ලාභදායීත්වය දෙසට අවධානය යොමු කරවන උපායමාර්ගික ව්‍යාපාරික ඇගයීමක් ලෙස GIPA සම්මානය මෙහිදී කැපී පෙනේ.
ව්‍යාපාරික වර්ධනය, පාරිභෝගික රඳවා තබාගැනීම සහ මූල්‍යමය ශක්තිමත්භාවය යන අංශ තුන කෙරෙහිම සමානව අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් GIPA සම්මාන උළෙල, සාම්ප්‍රදායික අලෙවි ඉලක්ක හඹා යාමේ ප්‍රවේශය වෙනුවට, තිරසාර වර්ධනය සහ දිගුකාලීන ව්‍යාපාරික සාර්ථකත්වය අරමුණු කරගත් උපායමාර්ගික ප්‍රවේශයක් කරා යොමු වීමට මඟ සලසන ප්රමුඛ දිරිගැන්වීමේ වේදිකාවක් ලෙස කටයුතු කරයි. අවසාන වශයෙන්, මෙය පුද්ගලික ජයග්‍රහණ ඇගයීමේ සීමාවෙන් ඔබ්බට ගොස්, කලාපීය රක්ෂණ කර්මාන්තයේ විශිෂ්ටතා ප්රමිතීන් ඉහළ නැංවීමට දායකත්වය ලබා දෙන අතර, වෘත්තීය අලෙවි විශිෂ්ටත්වය මැනිය යුත්තේ ව්‍යාපාරයට සැබෑ ලෙසම එක් කරන වටිනාකම සහ උත්පාදනය කරන ලාභදායීත්වය මත බවට මෙම සම්මාන උළෙල තුළින් තහවුරු කළේය.
හැනෝයි නුවරදී පැවැති GIPA සමුළුවේ තෙවන අදියර, J B Boda & Reinsurance Brokers Lanka සහ සිංගප්පූරුවේ JB Boda & Co හි කළමනාකාර අධ්‍යක්ෂිකා හා ප්‍රධාන විධායක නිලධාරිනී, චම්පා මෙල්ලව මහත්මියගේ සහභාගීත්වයෙන් සහ ඉන්දුනීසියාවේ සහ සිංගප්පූරුවේ රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයන්ගේ නොමඳ සහයෝගය හා අනුමැතිය ඇතිව සාර්ථකව පැවැත්විණි. කලාපීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (Insurance Regulatory Commission of Sri Lanka - IRCSL) මැදිහත් වෙමින් මෙම සමුළුවට සහභාගී වූ වියට්නාම රක්ෂණ නියාමන අධිකාරිය වෙත GIPA සංකල්පය නිල වශයෙන් හඳුන්වා දීමට පියවර ගන්නා ලදී.
2023 වසරේදී ආරම්භ කරන ලද GIPA වැඩසටහන, රක්ෂණ ක්ෂේත්රයේ තිරසර විශිෂ්ටත්වය සහ ව්‍යාපාරික ගුණාත්මකභාවය ඇගයීමට ලක් කිරීම අරමුණු කර ගනිමින්, සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්රයේ විශිෂ්ටතම අලෙවි කාර්යසාධනයක් අත්කර ගනු ලබන වෘත්තිකයන් උදෙසා පිරිනමනු ලබන ජාත්‍යන්තර ඇගයීම් වැඩසටහනකි. මෙහි සමාරම්භක සම්මාන උළෙල J B Boda Sri Lanka හි අනුග්‍රහය ඇතිව SLIC General හි ජයග්‍රාහකයන් වෙනුවෙන් 2024 වසරේ නොවැම්බර් මාසයේදී මැලේසියාවේදී පවත්වනු ලැබිණි. ඉන් අනතුරුව මෙම වැඩසටහන තවදුරටත් පුළුල් කරමින්, 2025 වසරේ නොවැම්බර් මාසයේදී J B Boda Indonesia සමාගම සමඟ සහයෝගීතාවය ඇතිව ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී මෙහි දෙවන අදියර, ශ්‍රී ලංකාවේ සහ ඉන්දුනීසියාවේ ජයග්‍රාහකයන් ඇගයීමට ලක් කරමින් පැවැත්විණි.
විදේශීය ජයග්‍රාහකයන් වෙනුවෙන් සත්කාරකත්වය ලබා දෙමින්, SLIC General ගෝලීය සහයෝගීතාවය සහ ක්ෂේත්රයේ විශිෂ්ටත්වය උදෙසා දක්වන සිය කැපවීම නැවත වරක් විදහා දක්වමින් GIPA සම්මාන උළෙල, අලෙවි ක්ෂේත්රයේ සුවිශේෂී ඇගයීම් සඳහා වන ප්‍රමුඛතම ජාත්‍යන්තර වේදිකාව බවට පත් කිරීමට ද දායකත්වය ලබා දෙයි.
මෙම වැඩසටහනේ ප්‍රගතිය තවදුරටත් ඉදිරියට ගෙන යමින්, SLIC General වාර්ෂික සම්මාන උළෙලේදී මෙන්ම විශේෂිත ‘GIPA Day’ වැඩසටහනේදී ද GIPA සම්මානලාභීන් ඇගයීමට හා සම්මානයට පාත්‍ර කිරීමට පියවර ගන්නා ලදී. අනාගත වෘත්තිකයන් තුළ තිරසර විශිෂ්ටත්වය අත්කර ගැනීම යථාර්ථයක් බවට පත්කිරීමේ අරමුණ ඇතිව ඔවුන් දිරිගන්වමින්, වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම සම්මාන උළෙලේදී, ජයග්‍රාහකයින් වෙත කීර්තිමත් GIPA ජයග්‍රාහී සම්මාන කුසලාන ද ප්‍රධානය කරනු ලබයි.


















