header logo

Daily Exchange Rates

Nov 25, 2026
Top News
ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස දහයේදී 6%ක වර්ධනයක් සමග ඩොලර් බිලියන 15.3ක් දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස දහයේදී 6%ක වර්ධනයක් සමග ඩොලර් බිලියන 15.3ක් දක්වා ඉහළට

2026 වසරේ මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 15.28 දක්වා ළඟා වී ඇති අතර එය 2025 අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් බිලියන 14.41 ට සාපේක්ෂව 6.03% ක ඉහළ යාමකි. මෙම ධනාත්මක කාර්ය සාධනය සදහා වෙළඳ භාණ්ඩ සහ සේවා අපනයන යන අංශ දෙකෙහිම වර්ධනය සහාය වී ඇත.

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද නවතම අපනයන කාර්යසාධන දත්තවලට අනුව සහ මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදන අපනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ඉදිරිපත් කරන ලද ඇස්තමේන්තුවලට අනුව, 2026 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම 5.72%කින් වර්ධනය වී  ඇත. එය ඇමෙරිකානු ඩොලර් බිලියන 12.01කි. එය 2025 අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් බිලියන 11.36 ට සාපේක්ෂව ඉහළ අගයකි.

සේවා අපනයන ආදායම පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයේ ඇමරිකානු ඩොලර් බිලියන 3.05 සිට 7.20% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් බිලියන 3.27 ක් දක්වා වර්ධනය වී තිබේ. සේවා අපනයනවල සතුටුදායක වර්ධනය මගින් ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායමට එහි දායකත්වය සහ රටේ අපනයන පදනම තවදුරටත් විවිධාංගීකරණය කිරීමේ වැදගත්කම පැහැදිලි වේ.

2026 මුල් මාස දහය තුළ දක්නට ලැබුණු මෙම ධනාත්මක ක්‍රියාකාරීත්වය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ පවතින නම්‍යශීලී බව සහ වර්ධන ශක්‍යතාව පෙන්නුම් කරයි. මෙම වර්ධන වේගය පවත්වා ගැනීම සඳහා අපනයන තරඟකාරීත්වය ඉහළ නැංවීම, වෙළඳපල ප්‍රවේශය පුළුල් කිරීම, භාණ්ඩ හා සේවා විවිධාංගීකරණය කිරීම සහ නැඟී එන මෙන්ම ඉහළ වටිනාකමකින් යුත් අපනයන ක්ෂේත්‍රවල දායකත්වය ශක්තිමත් කිරීමට අඛණ්ඩ උත්සාහයක් අවශ්‍ය වේ.

MostRead

වීඩියෝපුවත්

Derana 360 | දුමින්ද හුලංගමුව - ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක

Derana 360 | දුමින්ද හුලංගමුව - ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%