අද ‌සිට ‌කොටස් ‌වෙළෙඳපොළ වෙනදාට වඩා වැඩි වේලාවක් විවෘතයි

    January, 3, 2022

    අද (2022 ජනවාරි 03) දින සිට කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කාලපරිච්ඡේදය මිනිත්තු 30 කින් දීර්ඝ කර තිබේ.

    ඒ අනුව පෙරවරු 10.30 සිට පස්වරු 2.30 දක්වා සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘතව තැබනු ඇත. මීට පෙර කොටස් වෙළෙඳපොළ මෙලෙස විවෘතව පැවතියේ පෙරවරු 11.00 සිට පස්වරු 2.30 දක්වා ය.

    මෙහිදී පූර්ව ගනුදෙනු සැසිය පෙරවරු 10.00 සිට පෙරවරු 10.30 දක්වා ක්‍රියාත්මක වන අතර පෙරවරු 10.30 ට විවෘත වෙන්දේසියෙන් පසු දෛනික සාමාන්‍ය ගනුදෙනු පෙරවරු 10.30 සිට පස්වරු 2.30 දක්වා පැවැත්වෙනු ඇත.

    මේ අනුව ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳපොළ විවෘතව තැබෙන සම්පූර්ණ කාලය පැය 4 කි.

    Pre-open session           - 10.00 a.m. to 10.30 a.m.

    Open Auction                  - at 10.30 a.m.

    Regular Trading             - will commence at 10.30 a.m.

    Market close                    - 2.30 p.m