අපනයනය මගින් ලද මුදල් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ නියමයන් හි වෙනසක්

    June, 1, 2021

    සෑම අපනයනකරුවෙකුම අපනයනය මගින් ලද මුදල් ලැබී දින 30 ක් ඇතුළත, බලපත්‍රලාභී බැංකුවක් මගින් ඒකී අපනයනය මගින් ශ්‍රී ලංකාවට ලද මුළු මුදලින් සියයට 25 ක ප්‍රතිශතයකට නොඅඩු ප්‍රමාණයක් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කළ යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් පෙන්වා දී තිබේ.

    කෙසේවෙතත් විශේෂිත අපනයන අංශයකට හෝ අපනයන කර්මාන්තයකට හෝ තනි අපනයනකරුවන්ට, ඔවුන්ගේ ශ්‍රී ලංකාවට ලැබෙන මුළු අපනයන ආදායමෙන් සියයට 25ක ප්‍රතිශතයකට වඩා අඩු ප්‍රමාණයක් රුපියල් බවට පරිවර්තනය කිරීමට අවසර දීමට මුදල් මණ්ඩලයට ඒහි අභිමතය පරිදි තීරණය කළ හැකි බව ඒම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරන ලද ඒම අති විශේෂ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.