අලුත් සංස්ථාවක්

    January, 30, 2024

    ආයෝජකයින් සඳහා අවශ්‍ය ඒකාබද්ධ යටිතල පහසුකම් සැපයීමේ අරමුණින් ආයෝජන ප්‍රවර්ධන කලාප ස්ථාපිත කිරීම සහ කළමනාකරණය කිරීම පිණිස ආයෝජන යටිතල පහසුකම් සංස්ථාව නමින් ව්‍යවස්ථාපිත ආයතනයක් ස්ථාපිත කිරීමටත්, මාර්ග, විදුලිය, ජලය සහ නිවාස වැනි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ආයෝජන ප්‍රවර්ධන කලාප වෙත සැපයීමේ වගකීම එම සංස්ථාව වෙත පැවරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.