ඉන්දියාව සහායට එයි. ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක්

    March, 17, 2022

    ඩොලර් බිලියනයක ණය පහසුකමක් සඳහා ඉන්දියාව සමඟ ගිවිසුම් අත්සන් කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කර තිබේ. ඉන්ධන, ආහාර සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟය සමනය කිරීම සඳහා මෙම ණය පහසුකම යොදා ගැනීමට නියමිතය.

    මේ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් පවසන්නේ මේ අවස්ථාවේ ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ එකට සිටින බවයි.

    ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත පසුගිය වසර දෙක තුළ 70% කින් පමණ පහළ ගොස් ඇති අතර එය මේ වන විට ඩොලර් බිලියන 2.31 ක් පමණ වේ. කෙසේ වෙතත් මෙයින් භාවිත කළ හැකි මට්ටමේ ඇති සංචිත ප්‍රමාණය මීට වඩා බෙහෙවින් අඩු බවත්, එය ආනයන සඳහා ප්‍රමාණවත් මට්ටමක නොමැති බවත් විශ්ලේෂකයින් විසින් ‌අවස්ථා කිහිපයක දීම පෙන්වා දී ඇත.

    මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ඉන්ධන, ආහාර සහ ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟයක් මතුව ඇති අතර භාණ්ඩ මිල දී ගැනීම සඳහා දිවයින පුරා දක්නට ඇති දිගු පෝළිම් ඒ් සඳහා සාක්ෂි කරනු ඇත.

    පවතින අර්බදුකාරී තත්ත්වයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ එක්ව කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (16) ජාතිය අමතා කළ කතාවේ දී ප්‍රකාශ කර සිටියේය.