• Ada Derana BIZ Sinhala
  • bond
  • high interest
  • sri lanka

ඉහළ පොලියට බැඳුම්කර නිකුතුවක්

September, 13, 2022

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (13) දින කාණ්ඩ දෙකක් යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු දෙකක් සිදුකරන ලදී.

එහිදී 2025 ජූලි 01 දින හා 2032 ජූලි 01 දින කල්පිරෙන ආකාරයෙන් පිළිවෙලින් රු. මිලියන 30,000 ක් හා රු. මිලියන 45,000 ක් වශයෙන් වූ බැඳුම්කර ප්‍රමාණයක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණි.

එහිදී 2025 කාණ්ඩය සඳහා ලැබී තිබුණු ලංසුවලින් පිළිගෙන තිබුණේ රු. මිලියන 3,704 ක භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් සඳහා වූ ලංසු පමණි.

මේ අතර 2032 කාණ්ඩය සඳහා ලැබී තිබුණු ලංසුවලින් සම්පූර්ණ නිකුතුවටම අදාළ ලංසු ප්‍රමාණයක් පිළිගැනීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

මෙහිදී බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකය, 2025 කාණ්ඩය සඳහා 29.16% ක් සහ 2032 කාණ්ඩය සඳහා 29.96% ක් ලෙසින් තීරණය වී ඇත.

වාර්තාවන අන්දමට වසර 2 ක් සහ වසර 10 ක් බැගින් වන ආකාරයේ භණ්ඩාගාර නිකුතු සඳහා මේ දක්වා තීරණය වී ඇති ඉහළම ඵලදා අනුපාතිකයන් මේවා වේ.