May, 3, 2024
මේ වන විට කොටස් වෙළෙඳපොළ සැලකිය යුතු ලෙස ඉහළ නගිමින් පවතින බවත් වෙළෙඳපොළ මෙසේ ඉහළ යන අවස්ථාවල සමහර ආයෝජකයින් කොටස් වෙළෙඳපොළ කැසිනෝ එකක් ලෙස භාවිත කිරීමට පෙළඹී ඇති බවත් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව පවසයි.
මෙහිදී සුරැකුම්පත් කොමිසමහ අවධාරණය කර සිටින්නේ කැසිනෝ ගැසීම සඳහා කොටස් වෙළෙඳපොළට නොපිවිසෙන ලෙසයි.
X සටහනක් තබමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව මේ බව සඳහන් කරයි.
කොටස් ආයෝජනය සහ කොටස් "ගැසීම”
කොටස් වෙළෙඳපොළ සැළකිය යුතු ලෙස ඉහළ නගිමින් පවතින අතර වෙළෙඳපොළ මෙසේ ඉහළ යන අවස්ථාවල සමහර ආයෝජකයින් කොටස් වෙළෙඳපොළ කැසිනෝ එකක් ලෙස භාවිතා කිරීමට පෙළඹේ. ක්රියාවෙන් පමණක් නොව, වචනයෙන් ද ඔවුන් පවසන්නේ "අද ගහන්නේ මේ ෂෙයාර් එක".…
— SEC SL - Capital Market Development & Awareness (@SEC_SriLanka) May 2, 2024
Video Story