ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් Star Awards 2026 සම්මාන උළෙලේ දී විශිෂ්ටයින් අගයයි

    October, 9, 2026

    ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසනීය ජීවිත රක්ෂණ සේවා සපයන්නා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life), සිය විශිෂ්ටතම විකුණුම් කාර්යසාධනය ඇගයීමට ලක් කරමින් සංවිධාන කළ කීර්තිමත් Star Awards 2026 සම්මාන උළෙල පසුගියදා කොළඹ Shangri-La හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය. "Ignite the Extraordinary" යන තේමාව යටතේ පැවැති මෙම සම්මාන උළෙලේදී, SLIC Life හි තවත් සාර්ථක වසරක් සනිටුහන් කරමින් සුවිශේෂී කාර්ය සාධනයක්, අධිෂ්ඨානයක් සහ කැපවීමක් පෙන්නුම් කළ විශිෂ්ටතම ජයග්‍රාහකයන් ඇගයීමට ලක් කෙරිණි.

    "Ignite the Extraordinary" යන තේමාව තුළින්, සීමාවන් අභිබවා යමින් අභිලාෂයන් ජයග්‍රහණ බවට පත් කර ගනිමින්, විශිෂ්ටත්වය සඳහා නව ප්‍රමිතීන් ස්ථාපිත කරන SLIC Life හි විකුණුම් බලකායේ ජවය සහ හැකියාවන් පිළිබිඹු වේ. අපේක්ෂාවන් ඉක්මවා යමින්, කැපවීම, නොපසුබස්නා උත්සාහය සහ විශිෂ්ටත්වය සඳහා වූ අඛණ්ඩ කැපවීම තුළින් සුවිශේෂී ප්‍රතිඵල අත්කරගත් විශිෂ්ටයන්ගේ ජයග්‍රහණ මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් විය.

    රක්ෂණ උපදේශකවරුන් (Insurance Advisors), කණ්ඩායම් නායකයන් (Team Leaders), සමූහ කණ්ඩායම් නායකයන් (Group Leaders), ශාඛා කළමනාකරුවන් (Branch Managers), සහ ප්‍රාදේශීය කළමනාකරුවන් (Regional Managers), ඇතුළු විවිධ අංශ යටතේ ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ 390කට අධික ජයග්‍රහණ මෙහිදී ඇගයීමට ලක් වූ අතර, බැංකු රක්ෂණ අංශය යටතේ Relationship Officers, Relationship Managers, Area Managers, Cluster Managers Channel Managers ඇතුළු විශිෂ්ට දක්ෂතා දැක්වූවන්ද ඇගයීමට ලක් කෙරිණි. සෑම කාණ්ඩයක් යටතේම සුවිශේෂී ජයග්‍රහණ ඇගයීම සඳහා විශේෂ සම්මාන ද පිරිනැමිණි.

    මෙවර සම්මාන උළෙලේදී කැපී පෙනුණු ප්‍රධාන ජයග්‍රාහකයන් අතර දිවයිනේ විශිෂ්ටතම ප්‍රාදේශීය කළමනාකරු - ඒ. සුජේසන් මහතා (උතුරු කලාපය) - දිවයිනේ විශිෂ්ටතම ශාඛා කළමනාකරු - ටී. ගොබිනාත් මහතා (යාපනය ශාඛාව), දිවයිනේ විශිෂ්ටතම සමූහ කණ්ඩායම් නායක ජේ. ජූඩ් මහතා (යාපනය ශාඛාව), දිවයිනේ විශිෂ්ටතම කණ්ඩායම් නායක - ඩබ්ලිව්. එස්. ලක්මාල් මහතා (ගම්පහ ශාඛාව), දිවයිනේ විශිෂ්ටතම රක්ෂණ උපදේශක එම්. එම්. එස්. කේ. නවරත්න මහතා (මහනුවර ප්‍රධාන ශාඛාව) සහ දිවයිනේ විශිෂ්ටතම බැංකු රක්ෂණ අලෙවි නිලධාරී (Best Bancassurance Relationship Manager) - එස්. ශෝබිතා මහත්මිය වූහ. ඔවුන්ගේ ජයග්‍රහණ තුළින් SLIC Life හි දිවයින පුරා විහිදුණු විකුණුම් ජාලයේ දක්ෂතා සහ ශක්තිය මනාව පිළිබිඹු විය.

    SLIC Life හි විකුණුම් කණ්ඩායමේ ජයග්‍රහණ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සමීර ධර්මසේන මහතා පැවසුවේ, "අපගේ විකුණුම් කණ්ඩායම අභියෝගාත්මක යැයි පෙනෙන ඉලක්ක පවා සපුරා ගැනීමට අවශ්‍ය හැකියාව, ඔරොත්තු දීමේ හැකියාව සහ කැපවීම නැවත නැවතත් පෙන්නුම් කර තිබෙනවා. මෙම ක්ෂේත්‍රයේ සිටින ශක්තිමත්ම විකුණුම් කණ්ඩායම් අතරින් එකක් අප සතුව සිටින බව මා විශ්වාස කරන අතර, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් අංක එකේ ස්ථානය කරා ගෙන යාමට ඔවුන් සතුව දැවැන්ත හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම SLIC Life ආයතනය වෙනුවෙන් ඔවුන් කර ඇති කැපවීම, බොහෝ අවස්ථාවලදී පෞද්ගලික කැපකිරීම් සිදු කරමින් අපගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් වෙනුවෙන් අමතර පියවරක් තැබීමට ඔවුන් දක්වා ඇති සූදානම ඉතා වැදගත්. එම කැපවීම අපි බෙහෙවින් අගය කරන අතර, අපගේ කාර්යභාරය වන්නේ ඔවුන්ට සහාය ලබා දෙමින් ඔවුන්ගේ සම්පූර්ණ හැකියාවන් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය සෑම අවස්ථාවක්ම ලබා දීමයි."

    මෙම සම්මාන උළෙල සඳහා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් හි ප්‍රධාන විධායක නිලධාරීන්, ආයතනික කළමනාකාරීත්ව කණ්ඩායම සහ විකුණුම් බලකායේ සාමාජිකයන් එක්ව සිටියහ. එමෙන්ම, අඛණ්ඩව විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ සාමාජිකයන් ඇගයීම සඳහා අලුතින් හඳුන්වා දුන් Champions Circle සහ Premier Circle සාමාජිකයන් ද මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.

    Star Awards 2026 සම්මාන උළෙල, විශිෂ්ටත්වයේ නව ප්‍රමිතීන් අඛණ්ඩව ස්ථාපිත කරන SLIC Life විකුණුම් බලකායේ ජයග්‍රහණ ඇගයීමට ලක් කරමින් නිමාවට පත් විය. මෙම ජයග්‍රහණ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි අනාගත වර්ධනය මෙහෙයවීමටත්, ගනුදෙනුකරුවන් වෙත විශිෂ්ට වටිනාකමක් ලබා දීමටත්, රටේ අංක එකේ ජීවිත රක්ෂණ සමාගම බවට පත්වීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමටත් ඇති ශක්තිමත් හැකියාව යළිත් තහවුරු කරයි.

    ඡායාරූප: විශිෂ්ටයින් ඇගයීම : (වම - දකුණ) (වමේ සිට) චායා වික්‍රමදාර ප්‍රධාන නිලධාරී - මානව සම්පත් (SLIC General), ජගත් වෙල්ගම ප්‍රධාන නිලධාරී ව්‍යාපාර (වැඩ බලන) (SLIC Life), බී. ජේ. ජූඩ් - දිවයිනේ ව්ශිෂ්ටතම සමූහ කණ්ඩායම් නායක, ආචාර්ය සමීර ධර්මසේන ප්‍රධාන විධායක නිලධාරී (SLIC Life), ටී. ගෝබිනාත් - දිවයිනේ විශිෂ්ටතම ශාඛා කළමනාකරු, රොහාන් බුල්ජන්ස් -අධ්‍යක්ෂ (SLIC Life), එම්. එම්. එස්. කේ. නවරත්න - දිවයිනේ විශිෂ්ටතම රක්ෂණ උපදේශක, දුෂ්මන්ත තොටවත්ත අධ්‍යක්ෂ (SLIC Life), ආචාර්ය දයාරත්න පෙරේරා ප්‍රධාන නිලධාරී (SLIC Life), වී. සුපේසන් - දිවයිනේ විශිෂ්ටතම ප්‍රාදේශීය කළමනාකරු, ශ්‍රියානි කුලසිංහ ප්‍රධාන මූල්‍ය නිලධාරී (LIC Life), ආසිරි වික්‍රමආරච්චි ප්‍රධාන විධායක නිලධාරී (SLIC General), ඩබ්ලිව්. එස්. ලක්මාල් - දිවයිනේ විශිෂ්ටතම කණ්ඩායම් නායක, එස්. ශෝඛිතා - දිවයිනේ විශිෂ්ටතම බැංකු රක්ෂණ අලෙවි නිලධාරී සහ කසුන් නානායක්කාර ප්‍රධාන නිලධාරී - ආයෝජන (SLIC Life).