පාරිභෝගිකයින්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනමමින් Daraz Sri Lanka 10.10 Shopping Fest ඇරඹෙයි

    October, 9, 2026

    ඔක්තෝබර් 9 සිට 16 දක්වා පැවැත්වෙන Daraz 10.10 Shopping Fest හරහා පාරිභෝගිකයින්ට විශේෂ වට්ටම්, ආකර්ෂණීය දීමනා සහ තෝරාගත් බැංකු හරහා පහසු වාරික ගෙවීම් ක්‍රම ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමි වේ.

    Daraz Sri Lanka විසින් සංවිධානය කරනු ලබන 10.10 Shopping Fest සාප්පු සවාරි සැණකෙළිය ඔක්තෝබර් 9 වැනිදා රාත්‍රී 8.00 සිට ඔක්තෝබර් 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. ඉලෙක්ට්‍රොනික උපකරණ, විලාසිතා, රූපලාවණ්‍ය නිෂ්පාදන, ගෘහ උපකරණ සහ එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු පුළුල් නිෂ්පාදන රැසක් ආවරණය වන මෙම සැණකෙළිය හරහා පාරිභෝගිකයින්ට ප්‍රමුඛ සන්නාමවල විශේෂ දීමනා, වට්ටම් වවුචර් සහ තෝරාගත් බැංකු කාඩ්පත් මඟින් සිදුකරන ගෙවීම් සඳහා අමතර වට්ටම් රැසක් ලබාගැනීමට අවස්ථාව සැලසේ.

    නිවෙස්වලට අවශ්‍ය නව උපකරණ මිලදී ගැනීමට, ඇඳුම් පැළඳුම් අලුත් කරගැනීමට හෝ එදිනෙදා ගෘහස්ථ අවශ්‍යතා සපුරා ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින්ට, තම අවශ්‍යතා සහ අයවැයට ගැළපෙන නිෂ්පාදන රැසක් මෙම සාප්පු සවාරි සැණකෙළිය හරහා තෝරාගැනීමට අවස්ථාව හිමි වේ.

    මෙම වැඩසටහන සඳහා Celcius, Diamond, Anker, Aspor, Himalaya, Hemas, Unilever සහ Natures Beauty යන ප්‍රමුඛ සන්නාම එක්ව සිටී. මීට අමතරව Sharge, Tronsmart, Janet, COSRX, NutriMax Supplements, Herbal Bliss LK, Swisstek, Quantum Fitness, Moose, Amante සහ ProMate යන සන්නාමවල නිෂ්පාදන සඳහා ද විශේෂ දීමනා ලබාගැනීමට පාරිභෝගිකයින්ට හැකියාව ලැබේ.

    Daraz 10.10 Shopping Fest සාප්පු සවාරි සැණකෙළිය ඔක්තෝබර් 9 වැනිදා රාත්‍රී 8.00 සිට ඔක්තෝබර් 10 වැනිදා අලුයම 2.00 දක්වා පැවැත්වෙන 'Brand Rush Hour' විශේෂ දීමනා කාලසීමාව සමඟින් ආරම්භ වේ. පැය 6ක මෙම සීමිත කාලය තුළ සුදුසුකම් ලබන මිලදී ගැනීම් සඳහා KOKO හරහා අමතර 25%ක වට්ටමක් හෝ සහභාගී වන බැංකු හවුල්කරුවන් හරහා අමතර 20%ක වට්ටමක් ලබාගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමි වේ.

    මෙම වැඩසටහන සඳහා ගෙවීම් සහ මූල්‍ය සේවා හවුල්කරුවන් ලෙස ලංකා බැංකුව, කාගිල්ස් බැංකුව , කොමර්ෂල් බැංකුව , LOLC ෆිනෑන්ස් , නේෂන්ස් ට්‍රස්ට් බැංකුව , සම්පත් බැංකුව සහ යූනියන් බැංකුව එක්ව සිටී.

    Brand Rush Hour විශේෂ දීමනා කාලසීමාව අවසන් වීමෙන් පසුව ද, ඔක්තෝබර් 16 වැනිදා දක්වා පැවැත්වෙන සාප්පු සවාරි සැණකෙළිය තුළ KOKO හරහා අමතර 12%ක වට්ටමක් හෝ සහභාගී වන බැංකු හවුල්කරුවන් හරහා 10% සිට 15% දක්වා වට්ටම් ලබාගැනීමට පාරිභෝගිකයින්ට හැකියාව ලැබේ. මෙම වට්ටම් ප්‍රතිශත සහ ඒවා ක්‍රියාත්මක වන කාලසීමාවන් අදාළ ගෙවීම් සේවා හවුල්කරුවන් අනුව වෙනස් වේ.

    මීට අමතරව, තෝරාගත් බැංකු හරහා මාස තුනක හෝ ඊට වැඩි කාලසීමාවක් සඳහා පහසු වාරික ගෙවීම් ක්‍රම ද ලබාදීමට නියමිතය. එමඟින් සුදුසුකම් ලබන කාඩ්පත් හිමියන්ට තම මිලදී ගැනීම් සඳහා වැයවන මුදල වාරික වශයෙන් ගෙවීමේ පහසුව හිමි වේ. මෙම වාරික ගෙවීම් කාලසීමාවන් සහ සුදුසුකම් අදාළ බැංකුවල නියමයන් හා කොන්දේසිවලට යටත් වේ.

    සාප්පු සවාරි සැණකෙළිය පුරාවට තෝරාගත් නිෂ්පාදන සඳහා Mega Deals, Hot Picks සහ Flat Discounts ඇතුළු විශේෂ දීමනා රැසක් පාරිභෝගිකයින්ට හිමි වේ. එසේම, Daraz Mall හරහා නිල සන්නාම වෙළෙඳසැල් සහ බලයලත් අලෙවිකරුවන්ගේ නිෂ්පාදන රැසක් සමීප කර ඇති අතර, එමඟින් විවිධ කාණ්ඩවලට අයත් සන්නාමගත නිෂ්පාදන පහසුවෙන් තෝරාගැනීමට සහ මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සැලසේ.

    සාප්පු සවාරි සැණකෙළියෙන් උපරිම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා, වැඩසටහන ආරම්භ වීමට පෙර ලබාගත හැකි වට්ටම් වවුචර් එකතු කරගන්නා ලෙසත්, මිලදී ගැනීමට අපේක්ෂා කරන නිෂ්පාදන කල්තියාම සාප්පු සවාරි කරත්තයට (Cart) එක්කර තබාගන්නා ලෙසත් Daraz පාරිභෝගිකයින් උපදෙස් දෙයි. Daraz 10.10 Shopping Fest සාප්පු සවාරි සැණකෙළිය 2026 ඔක්තෝබර් 9 වැනිදා රාත්‍රී 8.00 සිට ඔක්තෝබර් 16 වැනිදා දක්වා Daraz ජංගම යෙදුම සහ www.daraz.lk වෙබ් අඩවිය ඔස්සේ පැවැත්වේ.

    නියමයන් හා කොන්දේසි අදාළ වේ. සියලුම දීමනා, අදාළ සුදුසුකම්, අවම මිලදී ගැනීමේ වටිනාකම්, උපරිම වට්ටම් සීමාවන්, ගෙවීම් සේවා හවුල්කරුවන්ගේ කොන්දේසි සහ නිෂ්පාදන තොග පවතින ප්‍රමාණයන්ට යටත් වේ.