ක්‍රිප්ටොකරන්සි සම්බන්ධයෙන් පත් කළ කමිටුව මෙන්න

    October, 8, 2021

    ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි මයිනින් සහ අවශ්‍ය අනෙකුත් සේවාවන් සැපයීම ක්ෂේත්‍රයන්හි කටයුතු කරන සමාගම් වෙත ආයෝජනයන් ආකර්ශනය කර ගැනීම සඳහා අවශ්‍ය අණපනත්, නීතිරීති හා රෙගුලාසි පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත අවශ්‍ය කරුණු වාර්තා කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි නිපුණ වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමටත්, 1978 අංක 4 දරන ආයෝජන මණ්ඩල පනත සහ ඊට අදාළ සංශෝධනයන්හි විධිවිධානයන්ට යටත්ව, ක්‍රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා අනුමැතිය ලබා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමටත් සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය දා අනුමත කරන ලදී.

    ඒ අනුව සාමාජිකයින් 8 දෙනෙකුගෙන් යුතු විශේෂඥ කමිටුවක් පත්කර තිබේ.

    මෙම කමිටුව පහත සඳහන් ප්‍රවීණයන්ගෙන් සමන්විත වේ:

    සුජීව මුදලිගේ (සභාපති), විරාජ් දයාරත්න, රජීව බණ්ඩාරනායක, ධර්මශ්‍රී කුමාරතුංග, ජයන්ත ප්‍රනාන්දු, සඳුන් හපුගොඩ, ගුවන් කොමදෝරු (විශ්‍රාමික) ටීජීජේ අමරසේන සහ මිලින්ද රාජපක්ෂ.