කොටස් වෙළෙඳපොළ ප්‍රමුඛ ආයෝජකයෝ රාජ්‍ය ඇමති කබ්රාල් හමුවෙති. විධිමත් සාකච්ඡාවක් ඉදිරියේ දී

    March, 8, 2021

    පවතින වාතාවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළේ ඉහළ පෙළේ ආයෝජකයින් කිහිපය දෙනෙකු සහ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යව්‍යාසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය, අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර හමුවක් පසුගිය සතිඅන්තයේ දී පැවැත්විණි. මේ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, ඔවුන් සමඟ ඵලදායී සාකච්ඡාවක් පැවති බවත්, ඉදිරියේ දී ඔවුන්ගේ ගැටළු වඩාත් විස්තරාත්මක ආකාරයෙන් විසඳා ගැනීම සඳහා විධිමත් සාකච්ඡාවක් පැවැත්වීමට ඔවුන් ඒකඟ වූ බවයි.

     

    මේ අතර මෙම සාකච්ඡාවට ඒක්වූ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන පෙළේ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා පවසන්නේ, ප්‍රධාන වශයෙන් තැරැව්කාර සමාගම්වල ආන්තික ණය සම්බන්ධ ගැටළු ඇතුළු කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡාවට ගැනුණු බවයි.