• Ada Derana BIZ Sinhala
  • computer system
  • Consular
  • crashes
  • sri lanka

කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධතිය බිඳවැටෙයි

September, 16, 2022

කොළඹ 01 පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධතියේ හටගත් බිඳවැටීමක් හේතුවෙන්, එම අංශයේ සත්‍යාපන සහ සහතික කිරීමේ ඒකකවල සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවල සේවා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන ලදී.

එම පද්ධතිය අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින අතර, සත්‍යාපනය සහ සහතික කිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ වූ පසුව මහජනතාවට ඒ පිළිබඳව දැනුම් දෙනු ඇත.

අනෙකුත් කොන්සියුලර් සේවාවන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

මෙමඟින් මහජනතාවට සිදුවන අපහසුතා සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය සිය කනගාටුව පළ කර සිටියි.

සේවා අපේක්ෂාවෙන් මෙම අංශයට පැමිණෙන අයවලුන්ට සිය සේවා ලබාගැනීමේ හැකියාව පිළිබඳව විමසීම සඳහා පහත සඳහන් දූරකතන අංක ඔස්සේ වැඩිදුර සම්බන්ධ විය හැකි ය;

  • කොන්සියුලර් කටයුතු අංශය, කොළඹ 01     0112338812/0112338843
  • ප්‍රාදේශීය කාර්යාලය, යාපනය                       0212215970
  • ප්‍රාදේශීය කාර්යාලය, ත්‍රිකුණාමලය                0262223182
  • ප්‍රාදේශීය කාර්යාලය, මහනුවර                     0812384410
  • ප්‍රාදේශීය කාර්යාලය, කුරුණෑගල                 0372225941