Neptune Recyclers, උදාර සේවා ස්ථානයක් ලෙස “Great Place to Work” සහතිකයෙන් පිදුම් ලබයි

    May, 7, 2024

    Neptune Recyclers, සේවකයන්ට සේවය කිරීම සඳහා උදාර සේවා ස්ථානයක් සලසා දෙමින් Great Place to Work සහතිකය දිනා ගැනීමට හැකි වූ බව සාඩම්බරයෙන් දැනුම් දෙමු. ආයතනයේ ඇප කැප වී  වැඩ කරන කාර්ය මණ්ඩලයේ වටිනා අදහස් පදනම් කර ගනිමින්, එම සමීක්ෂණ වාර්තාවලට අනුව ඔවුන් විසින් මෙම  ජයග්‍රහණය ලබා ගන්නා ලදී. ආයතනයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන මෙම සහතිකය සිය කාර්ය මණ්ඩලය ඇගයීමට හා ඔවුන්ව සවිබල ගැන්වීමට ආයතනය දක්වන අඛණ්ඩ කැපවීම සහතික කරයි.

    Neptune Recyclers හුදෙක් සේවා ස්ථානයකට එහා ගිය උදාර සේවා ස්ථානයක්  බවට මෙම සහතිකය තවදුරටත් සනාථ කරමින් එහි සේවය කරන සේවකයන්ගේ තෘප්තිමත් බව හා අරමුණු සහගත බවින් යුත් සංස්කෘතියක් ඔස්සේ, දියුණු වන සේවා පරිසරයක් නිර්මාණය කිරීම තුළින් පිළිබිඹු වූ විශ්වසනීය බව, ගෞරවය, සාධාරණත්වය, සුහදබව හා අභිමානය යන සුවිශේෂී නිර්ණායක මඟින් සියුම් ලෙස විශ්ලේෂණයට ලක් ව, Neptune Recyclers උදාර සේවා ස්ථානයක් සඳහා වන විශිෂ්ටත්වය වෙනුවෙන් සිය කැපවීම විදහා දක්වමින් මෙම සහතිකයෙන් පිදුම් ලැබූ වගයි.

    මෙම Great Place to Work සහතිකයෙන් පිදුම් ලැබීම තුළින් අප ආයතනයේ  විශිෂ්ට නායකත්වය හා සංස්කෘතිය තවදුරටත් පිළිබිඹු කරයි. සාමුහික ප්‍රයත්නයන්ගෙන් ලත්  ජයග්‍රහණයක් වන මෙය තුළින් තම සේවා ස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් එක් එක් සාමාජිකයන් ඉටු කරන කා‍‍ර්යභාරය හා රැකියාව වෙනුවෙන් ඇති කැමැත්ත, විශිෂ්ටත්වය උදෙසා ආයතනයේ නොසැලෙන කැපවීම විදහා දක්වයි. 

    මෙම ජයග්‍රහණය හුදෙක් ආයතනය ලැබූ ජයක් පමණක් නොවන අතර සෑම Neptune සාමාජිකයෙක්ම එක සේ දිනා ගත් ජයග්‍රහණයකි. සැබැවින්ම උදාර සේවා ස්ථානයක් බවට Neptune Recyclers ආයතනය පත් කිරීම  සඳහා සියලු සාමාජිකයන් දැක් වූ කැපවීම වෙනුවෙන් ආයතනය සිය කෘතඥතාව පුද කරයි. 

    සිය ගමන්මගෙහි සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන Neptune Recyclers, නොසැලෙන කැපවීම පෙරදැරිව මහත් උනන්දුවෙන් යුතුව ඉදිරිය කරා ගමන් කිරීමට  අපේක්ෂා කරයි. නවෝත්පාදනය, සහයෝගීතාව හා පුද්ගල සංවර්ධනය මතින් දියුණුවට පත් වන සේවා ස්ථානයක් නිර්මාණය  කිරීමේ  Neptune හි ප්‍රතිඥාව මෙමඟින් යළි තහවුරු කරයි. සිය කාර්ය මණ්ඩලයේ සාමුහික ප්‍රයන්තයන් තුළින් වඩාත් උසස් සාර්ථකත්වයක් කරා ළඟා වීමට Neptune Recyclers සූදානම්ව සිටියි.

    නවෝත්පාදනය හා තිරසාරබව පෙරදැරිව 30 වසරකට වැඩි අත්දැකීම් ඇති Neptune Recyclers, ශ්‍රී ලංකාවේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය කළමණාකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත් වෙමින් Expack Corrugated Cartons PLC හි අනුබද්ධිත ආයතනයක් මෙන්ම Aberdeen Holdings සමූහයේ ආයතනයක් ලෙස Neptune Recyclers, විශිෂ්ටත්වය හා පරිසරය සුරැකීම වෙනුවෙන් අඛණ්ඩව කැපවී කටයුතු කරයි.  රෙදි සහ කඩදාසි ප්‍රතිචක්‍රීකරණය සඳහා විශේෂඥයන් වන Neptune Recyclers, මෙම අපද්‍රව්‍ය වටිනාකමකින් යුත් නිෂ්පාදන බවට පරිවර්තනය කරමින් තිරසර හා වගකීම් සහගත අපද්‍රව්‍ය කළමණාකරණ අත්දැකීමක් තහවුරු කරන්නේ, චක්‍රීය ආර්ථිකය වෙනුවෙන් දායක වෙමිනි.

    සිය සාර්ථකත්වය සඳහා වන ගමන් මග වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කරන Neptune Recyclers, සිය වගකීම් සඳහා කැප වි සිටිමින්, අනාගතයේ දී සුවිශේෂී අවස්ථාවන් අත්පත් කර ගැනීමට අපේක්ෂා කරයි.

    වැඩි විස්තර සඳහා www.neptunerecyclers.com  වෙත පිවිසෙන්න.