කොළඹ උද්ධමනය 60% ඉක්මවයි. ආහාර උද්ධමනය 90% පනී

    July, 29, 2022

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ජූනි මාසයේ පැවති සියයට 54.6හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 60.8ක් දක්වා ඉහළ ගියේය.

    වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය.

    ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජූනි මාසයේ පැවති සියයට 80.1හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 90.9 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජූනි මාසයේ පැවති සියයට 42.4 හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 46.5 දක්වා ඉහළ ගියේය.