කොළඹ විශ්වවිද්‍යාලය සහ පකිස්ථානයේ Lahore School of Economics අතර අවබෝධතා ගිවිසුමක්

    February, 16, 2021

    දෙපාර්ශ්වයට අනොන්‍ය ප්‍රතිලාභ හිමි වන පර්යේෂණ ද්‍රව්‍ය, ප්‍රකාශන සහ තොරතුරු හුවමාරු කර ගැනීම, ආයතන දෙකෙහි ඒකාබද්ධ හා තනි පර්යේෂණ ව්‍යාපෘති සඳහා දිරිමත් කිරීම, කුසලතා හා හැකියාවන් සහිත සිසුන් හුවමාරු කිරීමේ වැඩසටහන් මඟින් අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම ආදී අරමුණු සහිතව කොළඹ විශ්වවිද්‍යාලය සහ පකිස්ථානයේ ලාහෝර් ආර්ථික විද්‍යායතනය (Lahore School of Economics) අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස යෝජනා වී ඇත.
    යෝජිත අවබෝධතා ගිවිසුම පිළිබඳ විද්වත් කමිටුවක් විසින් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර විදේශ අමාත්‍යාංශයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ එකඟතාව ද ලැබී ඇත. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.