චීන එක්සිම් බැංකුවේ ලිපිය ලැබෙයි

    March, 7, 2023

    සඳුදා (06) රාත්‍රියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව ලිපිය ලැබුණු බවත්, තමා සහ මහ බැංකු අධිපතිවරයාගේ අත්සන් සහිත එකඟතා ලිපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යවා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

    “ඊයේ රාත්‍රියේ චීන එක්සිම් බැංකුවේ නව ලිපිය ලැබුණා. එදා රාත්‍රියේම මමත් මහ බැංකුවේ අධිපතිතුමාත් එකඟතා ලිපිය letter of intent අත්සන් කරලා දැන් IMF සංවිධානයට යවලා තිබෙන්නේ. දැන් අපේ යුතුකම් ඉටු කරලා ඉවරයි. දැන් IMF සංවිධානයේ යුතුකම් මේ මාසේ අවසන් වෙන්න ඉස්සෙල්ලා තුන්වෙනි හෝ හතරවෙනි සතියේ ඉටුකරයි කියලා මම බලාපොරොත්තු වුණා. ඒකෙන් පස්සේ මං හිතන්නේ අපිට ලෝක බැංකුව ADB එකෙන් පළවෙනි මුදල් වටය ලැබෙන්න එනවා.“