ජාත්‍යන්තර බැඳුම්කර හිමියෙක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට බසී

    June, 22, 2022

    ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියෙකු විසින් ශ්‍රී ලංකාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇත.

    ශ්‍රී ලංකාව විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250කට වඩා වැඩි ප්‍රමාණයකට හිමිකම් කියනු ලබන එක්සත් ජනපදයේ Hamilton Reserve Bank Ltd විසින් මෙලෙස අධිකරණමය ක්‍රියාමාර්ගයට පිවිස ඇත්තේ අදාළ බැඳුම්කර සඳහා අදාළ කල්පිරීමේ මූලික හා පොලී මුදල් සම්පූර්ණයෙන් ගෙවන ලෙස ඉල්ලමිනි.

    ඔවුන් ඊයේ (21) දින නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණයේදී ශ්‍රී ලංකාවට එරෙහිව නඩුවක් ගොනුකර ඇත.

    ශ්‍රී ලංකාව විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් 5.875%ක් දරනු ලබන්නේ Hamilton Reserve Bank Ltd විසිනි.