ජාතික උද්ධමනය 45% ඉක්මවයි

    June, 21, 2022

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 33.8% සිට මැයි මාසයේ දී සියයට 45.3% ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ජන හා සංඛ්‍යාෙල්ඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

    මෙහිදී වාර්ෂික ආහාර උද්ධමනය 58% ක් ලෙසත් ආහාර නොවන උද්ධමනය 34.2% ක් ලෙසත් වාර්තා වේ.